අද දින ජනාධිපතිවරයා රාජාසන කතාව සිදු කරද්දී ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් 112ගෙන් පැමිණ සිටියේ 109 දෙනකු පමණක් වීම විශේෂ සිදුවීමකි.
ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් 13 දෙනකු අද දින සභාවට පැමිණ සිටියේ නැත.
විපක්ෂයේ ප්රධාන පක්ෂය වන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය රාජාසන කතාව වර්ජනය කර ඇති අතර ඩලස්-විමල් පිල සභා ගැබේ සිට රාජාසන කතාව ආරම්භ කරද්දී කතාව වර්ජනය කර සභාවෙන් පිටව යනු දැකගන්නට ලැබිණ.
ඒ අනුව දෙමළ ජාතික සන්ධාන මන්ත්රීවරුන් ඇතුලු විපක්ෂ මන්ත්රීවරුන් 15 දෙනකු ජනාධිපතිවරයාගේ කතාවට සවන් දී සිටිනු දැකගත හැකි විය.










