නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය හෙට (20) දින ආරම්භ වීමට නියමිත අතර ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂ නියෝජනයක් නොමැති පළමු පාර්ලිමේන්තුව ලෙස මෙම අවස්ථාව වාර්තා පොත් අතරට එක්වනු ඇත.
ඊට හේතුව වී ඇත්තේ ඉකුත් මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවුවත් එය නම් නොකර සිටීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබීමය.
ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට එජාප නියෝජනයක් නොමැතිව නව පාර්ලිමේන්තුවක් රැස්වනු ඇත.
එහිදී එජාපයට හිමි ආසනය හිස්ව තබනු ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග අනාවරණය කරයි.
මෙවර මහමැතිවරණයෙන් එජාපයට කිසිදු ආසනයක් දිනා ගැනීමට නොහැකි වූ අතර පක්ෂයේ නායකයා ඇතුලු සියලුම තනතුරු දැරූවන් මැතිවරණයෙන් පරාජයට පත්ව තිබිණ.










