සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් හෙට (19) දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට විපක්ෂය සූදානමින් සිටින බව වාර්තා වේ.
සමගි ජන බලවේගය විසින් මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව දැනගන්නට ඇත.
එහිදී රන්ජන් රාමනායක මහතාට තවදුරටත් මන්ත්‍රී ධූරය දැරීමේ හැකියාව සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව පිළිබද පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.









