අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරැදිකරු වී වසර හතරක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් විඳින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් මේ වන විට කිසිදු තොරතුරක් වාර්තා නොවන තත්ත්වයක් මතුව තිබේ.
පසුගිය සති දෙක පුරා කිසිදු අමුත්තෙකුට රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට යෑමට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව ලබා නොදුන් අතර, දුරකතනය හරහා හෝ ඒ මහතා සම්බන්ධ කර ගැනීමට කිසිම ඉඩක් ලබා දී නොතිබීම ඊට හේතුව වී තිබේ.
සති දෙකක කාලයක් සඳහා කිසිම බාහිර පුද්ගලයකු සමඟ සබඳතා පැවැත්වීමට නොහැකි වන ලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් රන්ජන් රාමනායක මහතා හට දඬුවමක් පනවා තිබීම ඊට හේතුව වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතු කොට ගෙන එම දඬුවම පනවා තිබිණි.
ඒ අනුව රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පසුගිය සති දෙක පුරා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.