• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන්ගේ නම ගලවයි: අලුත් නම N 12516: වැසිකිළි හෝදන්නත් දාලා: ඉන්නෙ ජුලම්පිටියෙ අමරෙලාත් එක්ක EXCLUSIVE

February 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රන්ජන්ගේ නම ගලවයි: අලුත් නම N 12516: වැසිකිළි හෝදන්නත් දාලා: ඉන්නෙ ජුලම්පිටියෙ අමරෙලාත් එක්ක EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිවු වසරක් සිරදඬුවම් නියමවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දැන් සිටින්නේ හිරගෙදරය. ඒ අලුතින් ඉදිවුණු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේය. යම් වරදකට සිරදඬුවම් නියමවන ඕනෑම පුද්ගලයෙක් මුලින්ම රඳවන්නේ වැලිකඩ බන්ධනාගාරයේය. විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් සිරදඬුවම් නියම කළ එස්.බී. දිසානායක, සරත් ෆොන්සේකා, දුමින්ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර වැනි දේශපාලනඥයන් මෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර, ඌවතැන්නේ සුමන යන හිමිවරුන්ද රඳවා තැබුවේ වැලිකඩ බන්ධනාගාරයේය. එහෙත් රන්ජන්ට වැලිකඩ පැය 24ක්වත් ගත කරන්නට ඉඩක් නොවීය. බන්ධනාගාරගත කිරීමෙන් පසු මුල් සති දෙක ගතකරන්නට ඔහුට සිදුවන්නේ පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයේය. ඒ නිරෝධායනය සඳහාය. අනතුරුව ඔහුව වැලිකඩ බන්ධනාගාරයට ගෙන ඒමට මුලින් සූදානමක් තිබුණද අවසානයේදී එය වෙනස් වෙමින් ඔහුව රැගෙන යන්නේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයටය. එහිදීත් ඔහුට සති දෙකක නිරෝධායනයකට ලක්වන්නට සිදුවන්නේ තනි සිරමැදිරියක තනිවෙමිනි. දැන් ඔහු ඕනෑවටත් වඩා නිරෝධායනය වී හමාරය.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය ඔහුගේ නිවස බවට පත්ව හමාරය. ඔහුගේ පවුලේ සාමාජිකයන් බවට පත්ව ඇත්තේ සිරකරුවන්ය. ඒ අතර රිමාන්ඩ් සිරකරුවෝද සිටිති.

රන්ජන් රාමනායකට සිරකරු අංකය ලැබෙන්නේ නිරෝධායනයෙන් පසුවය. N 12516 එම අංකයයි. බන්ධනාගාරය තුළ දැන් රන්ජන්ව හඳුන්වන්නේ ඔහුගේ උප්පැන්නයේ ඇති නාමයෙන් හෝ අප ඔබ දන්නා කියන රන්ජන් රාමනායක යන නමින් නොව. සිරකරු අංකයෙනි. බන්ධනාගාරයේ රන්ජන් රාමනායක නම් වූ සිරකරුවා සම්බන්ධයෙන් සියලු කටයුතු සිදුවන්නේ N 12516 නම් වූ අංකයෙනි. ඒ අනුව බන්ධනාගරය තුළ රන්ජන් රාමනායක භෞතිෂ්ම වී ඇත්තේ N 12516 ලෙසිනි.

රන්ජන්ව වැඩ පාටියකටද අනුයුක්ත කර ඇත්තේද නිරෝධායනයෙන් පසුවය. ඒ පිරිසිදු කිරීමේ පාටියටය. බන්ධනාගාරය ඇතුළත පිරිසිදු කිරීමේ කටයුතු පැවැරී ඇත්තේ පිරිසිදු කිරීමේ පාටියේ සිරකරුවන්ටය. ඊට වැසිකිළි පවා ඇතුළත්ය. එම පාටියේ වැඩ කරන්නට රන්ජන්ට යම් උනන්දුවක් තිබුණත් ඊට සෙසු සිරකරුවන්ගෙන් මෙතෙක් ඉඩක් ලැබී නැත. ඒ රන්ජන්ට සිරකරුවන් අතර යම් ගෞරවයක් ඇති බැවිනි. සිරකරුවන් අතර රන්ජන් මේ වන විට පත්ව ඇත්තේ වීරයෙක් බවටය. ඒ නිසාම රන්ජන්ට බන්ධනාගාර බත් පතේම රස විඳින්නට සිදුව නැත. ඒ රිමාන්ඩ් සිරකරුවන්ට පිටතින් රැගෙන එන රස ආහාරය රන්ජන්ටද ලැබෙන බැවිනි.

රන්ජන්ගේ දුක සැප විමසා බලන්නට දේශපාලන සගයන් අතරින් තවමත් පැමිණ ඇත්තේ හම්බන්තොට දිලිප් වෙදආරච්චි පමණය. සිරකරුවෙකුගේ සුවදුක් විමසා බැලීමට පවුලේ ඥාතියෙකුට මසකට වරක් සහ විශේෂිත දිනවලදී ඉඩ ලැබුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරන්ට නම් ඒ සීමාවන් නැත. ඔවුන්ට ඕනෑම අවස්ථාවක බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ සුවදුක් විමසා බැලීමට අවස්ථාව හිමිව ඇත්තේය. ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේය. ඒ අවස්ථාව තිබුණත් රන්ජන්ගේ දුක සැප බැලීමට වැඩි පිරිසක් මෙතෙක් පැමිණ නැත්තේ කොවිඩ් 19 වසන්ගත තත්ත්වය හේතුවෙන් එවැනි අවස්ථාවන්ට ඇති ඉඩකඩ පසුගිය කාලය පුරාවට අහුරා තිබුණු බැවිනි. එසේ නොවන්නට රන්ජන්ගේ පණිවිඩ සමාජයට එම දේශපාලනඥයන් හරහා පැමිණීමට තිබුණු ඉඩකඩ බොහෝය. බන්ධනාගාර පැත්තෙන් නම් කියන්නේ සතියකට වරක් සිරකරුවන්ගේ සුවදුක් විමසා බැලීමට දැන් ලේ ඥාතීන්ට අවස්ථාව ලබාදී ඇති බවය.
කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් වැඩ පාටියද ක්‍රියාත්මක වන්නේ මන්දගාමීවය. එබැවින් වැඩි කාලයක් සිරකරුවන් ගතකරන්නේ නිදහසේය. ඇතැම් සිරකරුවන් එළිමහනට ගොස් ක්‍රීඩා කළත් රන්ජන් මහා දවාලයේ ක්‍රීඩා කරන්නට යන්නේ නැත. ඒ ඔහු තමාගේ සම සහ සිරුර ගැන විශේෂ අවධානයක් බන්ධනාගාරය තුළද යොමුකරගෙන සිටින බැවිනි.

රන්ජන්ගේ ලස්සන කොණ්ඩය දැන් නැත. ඒ වෙනුවට ඇත්තේ ඔහුගේ තට්ටය පෑදුණු කෙටි කොණ්ඩයයි. ඒ සිරකරුවෙක් ලෙස බන්ධනාගාරගතවන මුල් අවස්ථාවේදීම ඔහු පැලඳ සිටි කොණ්ඩය බන්ධනාගාර බලධාරීන් භාරයට ගත් බැවිනි. එම කොණ්ඩය ඇතුළු ඔහු අවසානයට හැඳ සිටි සියලු ඇඳුම් ආයිත්තම් දැන් ඇත්තේ බන්ධනාගාර ලොකරයේය. ඒ සිරකරු අංකය යටතේය. ඒවා නැවත රන්ජන්ගේ අතට පත්වන්නේ සිරදඬුවම් නිමවීමෙන් පසු ඔහු බන්ධනාගාරයෙන් පිටතට යන දවසකටය.

බන්ධනාගාරයේ අභ්‍යන්තර තොරතුරු මගින් දැන ගන්නට ඇති ආකාරයට අනුව රන්ජන් රඳවා ඇත්තේ ක්‍ 01 වාට්ටුවේය. එම වාට්ටුව විශාල ශාලාවක් තුළ වෙන්කරන ලද සිරමැදිරිවලින් සමන්විත එකකි. එහි සිරකරුවන් සැලකිය යුතු පිරිසක් සිටිති. ඔවුන් විවිධාකාර අපරාධ සඳහා සිරදඬුවම් නියමූවන්ය. වසර දහය පහළොව සිරදඬුවම් ලබා සිටින්නන්ද එහි සිටිති. ඔවුන් අතර නමගිය පුද්ගලයන් වන ජුලම්පිටියේ අමරේ සහ කළු තුෂාරද සිටිති. ඒ අය දැන් රන්ජන්ට සහෝදරයන් බඳුය. අඟුණුකොළපැලැස්සට රැගෙන පැමිණි දින සිට සෙසු සිරකරුවන්ගෙන් හුදෙකලා කර විශේෂ සිරමැදිරියක රඳවා සිටි රන්ජන්ව මෙම වාට්ටුවට යොමුකර ඇත්තේද ඉකුත් 01 වෙනිදා සිටය.

වැලිකඩ බන්ධනාගාරය මෙන් නොව, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය මෑතකදී ඉදිවූවක් වන බැවින් තවමත් ඇත්තේ පිරිසිදු තත්ත්වයේය. බොහෝ වාට්ටු ඇතුළේ වැසිකිළි පිහිටා ඇත. බිම පවා ඇත්තේ ටයිල් අතුරාය. වැසිකිළි සෝදන්නේ එම වාට්ටුවේ සිටින සිරකරුවන් මාරුවෙන් මාරුවටය. රන්ජන්ටත් වැසිකිළිය සෝදන්නට දිනක් වෙන්ව ඇත්තේය. එහෙත් සෙසු සිරකරුවන්ගෙන් ඊට රන්ජන්ට ඉඩක් ලැබෙන්නේ නැත. ඒ යැයි කියා රන්ජන් තමාගේ දවසේ වැසිකිළිය සෝදන්නට සෙසු සිරකරුවන්ට ඉඩදී බලා සිටින්නේද නැත. මේ වන විට ඔහු වරක් දෙවරක්ම වැසිකිළිය පවා සෝදා තිබුණේය.

සිරමැදිරි තුළ ජල පහසුකම් තිබුණත් දිය නෑමට බොහෝ විට භාවිතා කරන්නේ සිරමැදිරිවලින් පිටත පිහිටා ඇති ටැංකිය. බාල්දිවලින් ටැංකියේ ජලය ලබාගෙන රන්ජන්ද ස්නානය කරන්නේ සෙසු සිරකරුවන්ගේ අවධානය ඔහු වෙත යොමු කර ගනිමිනි. රන්ජන් දිය නෑමට ටැංකි අසලට යන විට සිරකරුවෝ ඔහුට ප්‍රමුඛතාවය දෙන්නටද අමතක නොකරති. ටැංකි පිහිටි ස්ථානය පවා පිරිසිදු කරදෙති. ඒ රන්ජන්ට ඇති ගෞරවය නිසාමය.

රන්ජන් බන්ධනාගාරය ඇතුළේ සිටියත් සිය සිරුරේ හැඩය පවත්වාගෙන යාමට ව්‍යායාමවල නිරතව සිටියි. ඇතැම් ව්‍යායාම උපකරණ සකස්කරගෙන ඇත්තේ ලීටර් පහේ ජල බෝතල් දෙකකට ජලය පුරවා එය කොසු මිටක් වැනි ලීයක සවිකරය. බන්ධනාගාර රැඳවූවන් බොහෝ දෙනෙක්ගේ ප්‍රධාන ව්‍යායාම් උපකරණය වී ඇත්තේ ලීටර් පහේ ජල බෝතල්ය.

රන්ජන් හොද විහිළුකාරයෙකි. ඔහු සිරකරුවන් සමග විහිළු තහළු කරමින් ජෝක් කතා කියමින් සිටින අවස්ථාද බොහෝය. ඒ අතර සිංදු කියමින් විනෝද වන අවස්ථාද නැතුවාම නොවේ. ඒ අතර ඔහු සිය ජීවිත කතාව පවා සිරකරුවන්ට කියමින් ඉතා දුක්මහන්සියෙන් කැපවීම් කර ඉහළට පැමිණි අයුරුද කියා ඇත. සියල්ල අතහැර වරක් ඇමෙරිකාවට ගොස් ඉන්ධන පිරවුම්හලක වාහනවලට ඉන්ධන පිරවීමේ රැකියාවක නිරතවූ අයුරු ගැනද ඔහු සිරකරුවන් වටකර කියා ඇත්තේ ඇමරිකාවේ ජීවිතය ගැනද රසබර සහ දුක්බර කතා ගොන්නක්ම කියමිනි.

රන්ජන්ට නිදා ගැනීමට මෙට්ටයක් ලබාගැනීමට කොතරම් අවස්ථාවක් ඇතත් තවමත් ඔහු බන්ධනාගාර බලධාරීන්ගෙන් මෙට්ටයක් ඉල්ලා නැත. බන්ධනාගාරගතවූ දා සිටම ඔහු රාත්‍රියට නිදා ගන්නේ ඔහුට ලද පැදුර බිම එළාගෙනය. සෙසු සිරකරුවන්ද පැදුරක් එළාගෙන නිදා ගන්නේ නම් තමාටද එසේ නිදා ගැනීමට හැකිබව ඔහු කියනා කතාවකි. සිරකරුවන් ඔහුට ආදරය කරන්නේ ඒ නිසාය. බන්ධනාගරය තුළ ගතකරන කාලය ඔහු ගතකිරීමට උත්සහ ගන්නේ විනෝදයෙනි. ඒ අතර සිරකරුවන් සමග දුක වේදනාව මෙන්ම අත්දැකීම්ද බෙදා ගනිමින් ඔහු සිටී. ඒ අතර ඔහු බන්ධනාගාරය තුළ ගතකරන කාලය කළමනාකරණය කර ගැනීමට පොතක් ලියන්නටද පටන්ගෙන ඇත. ඒ සඳහා කඩදාසි සහ පෑන් පැන්සල් ඔහුට ලැබී ඇත්තේ බන්ධනාගාරය තුළිනි. ඒ ඔහුගේ ඉල්ලීමකටය. බන්ධනාගාරය තුළ ඔහු ගතකරන කාලයෙන් පැයක් හමාරක් මේ වන විට ගතකරමින් සිටින්නේ එම පොත ලියන්නටය. එසේම ඔහු යම් දිනක බන්ධනාගාරයෙන් එළියට පැමිණීමෙන් පසු බන්ධනාගාර ජීවිතය ගැන චිත්‍රපටයක්ද නිෂ්පාදනය කරනු ඇත. ඒ සිරකරුවන්ගේ ඉල්ලීමකට අනුවය. රන්ජන්ගේ බන්ධනාගාර ජීවිතය අපට අද දකින්නට නොලැබුණත් අනාගතයේ යම් දවසක සෙලෝලයිඩ් පටියකින් අඟුණුකොළ බන්ධනාගාරයම මූලික කරගනිමින් දකින්නට ලැබෙනු ඇත.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

පෝර්ට් සිටි වෙතින් මිලියන 20ක අධික PCR උපකරණ හා පරීක්ෂණ කට්ටල

Next Post

බිම්සානි වෙනුවෙන් සමගි වනිතා බලවේගය පෙරට එයි

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.