• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට වටෙන්ම ආපු අරගලකරුවන් තවමත් ජනපති මැදුර ඇතුළේ!

July 10, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
විධායක ජනපතිවරයෙක් ගෙදර යැවූ සටන අවසානයේ 103කට තුවාල! මාධ්‍යවේදීනුත් 11ක් ඒ අතර! වෙඩි වැදුණු තිදෙනෙක්!
Share on WhatsAppShare on Facebook

දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව මේ වනවිටත් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටී.

කොළඹට රැස් වූ දහස් සංඛ්‍යාත අරගලකරුවන් ඊයේ(09) පස්වරුවේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අත්පත් කර ගත්තේ ය.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ධුරයෙන් ඉවත්වන්නැයි බල කරමිනි.

විරෝධතාවයේ නිරත අරගලකරුවන් ඊයේ උදෑසන චැතැම් වීදිය සහ ඩියුක් වීදිය දෙසින් මෙන්ම බැංකු මාවත, ලෝටස් මාවත හා ගාලු මුවදොර දෙසින් ජනාධිපති මන්දිරය දෙසට ගමන් ගත්තේ ය.

එහිදී පොලීසිය හා යුද හමුදාව සමග නොසන්සුන් තත්ත්වයක් ද ඇති විය.

චැතැම් වීදිය අසලදී අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර විරෝධතාවයේ නිරත පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

ජනාධිපති මන්දිරය දෙසට ඇතුළු වීම අවහිර කරමින් ඉදිකර තිබු ආරක්ෂිත යකඩ වැටවල් සියල්ල අරගලකරුවන් විසින් පෙරලා දමනු ලැබුවේ ය.

එහිදී නැවත වතාවක් අරගලකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

කඳුළු ගෑස් ප්‍රහාර නොතකා තව තවත් ජනතාව චැතැම් වීදිය දෙසට පැමිණියහ.

මේ අතර ගාලු මුවදොර දෙසින් තවත් පිරිසක් ජනාධිපති මන්දිරය දෙසට ගමන් ගත්තේ පොලීසියෙන් අඛණ්ඩව එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර මධ්‍යයේයි.

මෙහිදී අති විශාල ජනකායක් ගාලු මුවදොර දෙසින් ජනාධිපති මන්දිරය දෙසට ප්‍රවේශ වූ අතර අරගලකරුවන් පොලිස් ජල ප්‍රහාරක රථයක් මතට නැග සිටින අයුරු ද දක්නට ලැබුණි.

අරගලකරුවන් දහස් ගණනින් ඒකරාශීවිමත් සමග ඔවුන් ආරක්ෂිත රැකවල් බිඳ දමමින් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සාහ කළහ.

එහිදී ජනාධිපති මන්දිරයේ දොරටුව දෙසින් වෙඩි ශබ්ද ඇසෙන්නට විය.

අනතුරුව අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වී එම මන්දිරය අත්පත් කර ගත්තේ ය.

ඔවුන් මන්දිරය තුළ සැරිසරන ආකාරයත්, පිහිනුම් තටාකයේ දිය නානා අයුරුත් දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල දක්නට ලැබුණි.

ජනාධිපති මන්දිර භූමියේ ආරක්ෂක අංශ රැඳී සිටි අතර අරගලකරුවන් එහි දේපොළ හානි කරන ආකාරයක් දක්නට ලැබුණේ නැත.

මේ අතර ගෝඨාගෝගම පරිශ්‍රය දෙසින් විරෝධතාවයේ නිරත අරගලකරුවන් ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක රැකවල් බිඳ දමමින් ජනාධිපති කාර්යාලය ද අත්පත් කර ගත්තේ ය.

ඒ ආරක්ෂක අංශ වෙතින් එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාර ද නොතකමිනි.

ජනධිපති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් එහි ජාතික ධජය ඔසවනු ලැබුහ.

SendShareShare
Previous Post

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

Next Post

ගෝඨායි රනිලුයි යනකම් අපි සටන නවත්වන්නේ නෑ! අරගලය යළි උණුසුම්!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.