ප්‍රධාන පෙළේ කමිටු රැසක සභාපතිධුර ගණනාවක් විපක්ෂයට සහ සමගි ජන බලවේගය ට හිමිවීමට නියමිත බවට වාර්තා වන බවත් එය ඉතා සාධනීය තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ අනුව,අදාළ කමිටු සියල්ල සියල්ලෙහිම පාහේ සභාපති ධූර විපක්ෂය වෙත ලබා දීමට කටයුතු ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට යෝජනා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා
රට ගොඩනැගීමට සහ රටට සේවය කිරීමට ඇමැති තනතුරු අවශ්‍ය නොවන බවද කීය. ඒ වෙනුවට සාධනීය සේවයක් කිරීමට කමිටු ඉවහල් කර ගන්නා බවද පැවසීය.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම අර්බුදයන්ට විසඳුම් සෙවීමේ අරමුණ පෙරදැරි කරගෙන නුතනවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මහජනතාව විසින් ඉල්ලා සිටිනු ලබන සමාජ පරිවර්තනය උදෙසා එකඟතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික වැඩපිළිවෙළ ස්ථාපිත කර ඇති අතර ඊට අනුබද්ධව අද (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. දේශපාලනඥයින්, ජනතාවාදී බුද්ධි මණ්ඩපය, ජාතික විද්වත් සභාව ඇතුලත්ව අධ්‍යාපනඥයින්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ. මෙම කාර්‍යයට අනුබද්ධ ප්‍රතිසංස්කරණ සඳහා මහලේකම් කාර්යාලයක්, විපක්ෂ නායක කාර්යාලයේ දී විවෘත කරනු ලැබ ඇත.