• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ අහිංසකම මිනිස්සුන්ගේත් බඩට ගහන මහා අපරාධයක් ගැන සජිත් හෙළි කරයි! (VIDEO & PHOTOS)

November 6, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ අහිංසක විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විශ්‍රාමිකයන්ගේ මුදල්  අග්‍රහාර රක්ෂණයට බැර කරන මුවාවෙන් මෙලෙස මුදල් කපා ගැනීමට නියමිත අතර මේ මුදල් කපා ගැනීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විශ්‍රාමික ප්‍රජාව ගෙන් කැමැත්ත අකමැත්ත විමසා ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඒකාන්ත වශයෙන්ම එම මුදල් කපා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද විපක්ෂ නායකතුමා පැහැදිලි කළේය.

ආණ්ඩුව පැමිනි විගසම ධන කුවේරයින්ට කෝටි ප්‍රකෝටි ගණන් බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම නැත්තටම නැති කරගත් ආණ්ඩුව ඒ සිදුවුනු පාඩුව පියවා ගන්නට හදන්නේ මේ රට වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ තමන්ගේ දහඩිය මහන්සිය සහ බුද්ධිය කැප කරමින් රාජ්‍ය සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ මෘග්ධ ක්‍රියාවලියට එරෙහිව කොන්දේසි විරහිතව කටයුතු කරන බවද පැවසීය.

අද (06) පස්වරුවේ නැදිගම්විල රාජමහා විහාරයට පැමිණි විපක්ෂ නායකතුමා අමරපුර සිරි සද්ධම්ම යුත්තික මහා නිකායේ අනුනායක ධුරන්දර අතිපූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර, ඉන් අනතුරුව මේ බව පැවසීය.

අග්‍රහාර රක්ෂණය ශක්තිමත් කිරීමේ නාමයෙන් ක්‍රමෝපායික ලෙස මේ රටේ ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව ගෙන ඇති කූඨ සහ නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගය පිළිබඳව සිය දැඩි පිළිකුල පළ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, 2016/01/1ට පෙර විශ්‍රාම ගිය වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයින් ගෙන් රුපියල් හයසීයක් කපා ගන්නටත්,වයස අවුරුදු 70ට අඩු අයගෙන් රුපියල් හාරසියයක් කපා ගැනීමටත් ආණ්ඩුව විසින් අලුත්ම චක්‍රලේඛය ඔක්තෝම්බර් 29 වෙනිදා නිකුත්කොට ඇතැයිද විපක්ෂ නායකතුමා පැවසීය. 

විශ්‍රාමික ජනතාව මේ චක්‍රලේඛය කියවා බලා සති දෙකක් ඇතුළත අදාල මුදල් ලබා ගැනීමට තමන් විරුද්ධ බව දන්වා සිටිය යුතු බවට මේ චක්‍රලේඛයේ සඳහන්ව ඇති අතර අපේ රටේ සිටින විශ්‍රාමිකයින්ගෙන් කීයෙන් කී දෙනෙකු මේ චක්‍රලේඛ කියවන්නේ දැයි තමා විමසා සිටින බවද පැවසීය.මෙය, ආණ්ඩුව විසින් සිදු කරනු ලබන කූඨ නිර්ලජ්ජිත කොල්ලකෑමක් බව පැවසූ විපක්ෂ නායකතුමා ජීවිතයේ සැඳෑ සමය ගත කරන විශ්‍රාමිකයින්ගෙන් පළිගන්නට තරම් ආණ්ඩුව සැහැසි වී ඇතැයි ද පැවැසීය. 

මොළ හතේ මුදල් ඇමතිවරයෙකු පත්කර ගත්තේ මේ අන්දමට රටේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ලකෑමට නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා මේ  මුදල් කප්පාදුවට විරෝධය පළ කිරීමට අදාල දෙසතිය තුළ විශ්‍රාමිකයාට හැකියාවක් නොලැබුණහොත් ආපසු හැරවිය නොහැකි ලෙස එම මුදල් කප්පාදුව සිදු කරන්නට ආණ්ඩුව තීරණය කොට ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

මේ කටයුත්තට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග සමගි ජන බලවේගය හැටියට තමන් ගන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා මේ රටේ විශ්‍රාමිකයින්ගේ වරප්‍රසාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අධිකරණය ඉදිරියට යෑමට ද තමන් පසුබට නොවන බව පැවසීය .
නැදිගම්විල නවෝදා ප්‍රජා ජල ව්‍යාපෘතියේ නිරීක්ෂණ කටයුතුවලට ද විපක්ෂ නායකතුමා එක් විය.

SendShareShare
Previous Post

ඇන්ටන් බී. පෙරේරා මහතාට අපේ කනගාටුව!

Next Post

හිටපු සභාපතිගේ රෙදි ගලවමින් දැන් ඉන්න සභාපති කී කෝටි 1000ක මහා හොරකම ගැන හිටපු සභාපති අනිල් කොස්වත්ත වහා පරීක්ෂණයක් ඉල්ලයි!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.