• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටින් පැන්න හිටපු බහබැංකු අධිපති නැවත පැමිණීම සහ ඉන්න මහබැංකු අධිපති පන්නා දැමීමේ කුමන්ත්‍රණය! (PHOTOS & VIDEO)

September 3, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
රටින් පැන්න හිටපු බහබැංකු අධිපති නැවත පැමිණීම සහ ඉන්න මහබැංකු අධිපති පන්නා දැමීමේ කුමන්ත්‍රණය! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

අද ආණ්ඩුව පොහොට්ටු මන්ත්‍රීවරුන්  සමග එක්ව මහබැංකු අධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ ගජ මිතුරෙක්ව මහ බැංකු අධිපති ධුරයට පත්කර ගැනීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇතැමුන් වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඉතිහාසයෙදි ද්විත්ව පුරවැසියන් මහ බැංකු අධිපති බවට පත් කළේ කවුදැයි රටම දන්නා බවත් පැවසීය.

ඒ මහ බැංකු අධිපතිවරයා මගුල් ගෙදරකට යන බව පවසා රටින් පිටවූ බව පැවසූ විපක්ෂ නායකතුමා අද වනතුරු ඔහුව රටට ගෙන්වා ගැනීමට නොහැකි වූ බව ද පැවසීය.

මහබැංකු අධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණයේ ඊළඟ පියවර වන්නේ එදා රටින් පලාගිය මහ බැංකු අධිපතිවරයා නැවත ගෙන්වාගෙන මහ බැංකුව භාරදීමට දැයි තමන්ට සැකයක් ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඊට අමතරව මොනතරම් මුදල් අච්චු ගැහුවත් උද්ධමනය ඉහළ යන්නේ නැති බවට පවසා අන්තනෝමතික ලෙස හැසුරුණු මහ බැංකු අධිපතිවරයෙක් මේ රටේ සිටි බවද අමතක නොකළ යුතු යැයිද පැවසීය.

රටේ ජනතාව රටේ පාලකයින්ට ලබා දෙන්නේ තාවකාලිකව භාරකාරත්වයක් බව පැවසූ විපක්ෂ නායකතුමා එහෙව් භාරකරුවන්ට රට කාබාසිනියා කිරීමට ඉඩ දිය නොහැකි යැයිද පැවසීය.

රටේ තාවකාලික භාරකාරීත්වය මිස රාජපක්ෂලාගේ භාරකාරීත්වය තමන්ට බාර ගත නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් රාජපක්ෂලාගේ බොඩිගාඩ් කෙනකු නොවන බව ද පැවසීය.

ආණ්ඩුවට එක්වූ ඇතැම් දේශපාලන අවස්ථාවාදීන් ඔවුන්ගේ නම වෙන්දේසි කර ගත්තා පමණක් නොව රන්ජන් රාමනායක මහතාගේ නමද වෙන්දේසි කළ බව විපක්ෂ නායකතුමා පැවසීය.

එහෙත් ඔවුන් රංජන්ට ලබාදීමට කටයුතු කර ඇත්තේ බාග නිදහසක් බවද ඒ මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසන බලමණ්ඩල රැස්වීම අද (03) පැවැත්විණි.

අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති එම රැස්වීම සංවිධානය කොට තිබුණේ එහි ප්‍රධාන ආසන සංවිධායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  විජයපාල හෙට්ටිආරච්චි මහතා විසිනි.

ඊට සමගාමීව සමගි ජන බලවේගයේ අක්මීමන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව ද අද සිදුවිය.

තමන්ගේ දේශපාලන අවස්ථාවාදීකම පෙන්වමින් ඇතැම් පාර්ශ්ව එක් වී සිටින්නේ අසූචි නැවට වන්දි ගෙවපු, සීනි වංචාවට සම්බන්ධ, පොල්තෙල් වංචාවට සම්බන්ධ, ගල් අගුරු වංචාවට සම්බන්ධ හොර ආණ්ඩුවක් සමග යැයි පැවසූ විපක්ෂ නායකතුමා, තමන්ට ආසයි බයයි යැයි චෝදනා කළ අයට කියන්නට ඇත්තේ ආසයි බයයි නොව තමන්ට ලැජ්ජා බය තියෙන බව යැයි ද පැවසීය.

SendShareShare
Previous Post

සෞඛ්‍ය-තෙල්-විදුලියට ජනාධිපති හදිසි ගැසට් එකක් ගහයි!

Next Post

රාජ්‍ය සේවයේ 60ට වැඩි සියලු දෙනා ඉවත් වීමට සමගාමීව පාර්ලිමේන්තුවෙත් 60ට වැඩි සියලු දෙනා ඉවතට! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.