ප්‍රධාන පෙළේ ප්‍රභූ මංගල්ලයන් 2ක් හේතුවෙන් හෙට (12) දිනයේදී පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රිවරයකු සොයා ගන්නට නොහැකි තත්ත්වයක් උදා වනු ඇති බව වාර්තා වේ.
ඉන් එක් මංගල්ලයක් වන්නේ මහින්ද රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන නාමල් රාජපක්ෂගේය. එම මංගල්ලය තංගල්ලේ කාල්ටන් නිවෙසේ පැවැත්වීමට නියමිතය.
අනෙක් මංගල උත්සවය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන රවුෆ් හකීම්ගේ දියණියගේය.
පාර්ලිමේන්තුවේ සියලුම මැතිඇමැතිවරුන්ට මෙම මංගල උත්සව දෙකටම ආරාධනා කරනු ලැබ තිබීම හේතුවෙන් හෙට (12) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම එම උත්සවයන්වලදී දැකගත හැකි වනු ඇති ඇත.