දේශපාලඥයන් රැසක් විදුලි බල මණ්ඩලයට හිග විදුලි බිල් ගෙවා නොමැති වීම හේතුවෙන් කෝටි 5000ක පමණ මුදලක් මණ්ඩලයට ලැබීමට නියමිතව ඇති බව වෘත්තීය සමිති නායක රංජන් ජයලාල් මහතා පවසයි.
ඒ අතර අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, හරීන් ප්‍රනාන්දු, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් සෙනෙවිරත්න, රාජිත සේනාරත්න, ආර්.ඒ.ඩී. සිරිසේන (මියගොස් ඇත), රෝහිත බෝගොල්ලාගම ඇතුලු රැසක් සිටින බව ඒ මහතා කීය.
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගිය අවස්ථාවේ විදුලි සේවකයන් ඉවතට දමා තිබූ බවත්, ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේවා අසත්‍ය නම් තමන්ට විරුද්ධව නඩු පවරන ලෙසකි.










