තමන් සමග සමගි ජන බලවේගයේ 20ක් ආණ්ඩුවට එක්වන බවට අද ඇතැම් පුවත්පත් සහ සමාජ මාධ්‍ය පළ කොට ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සදහන් කර සිටියේ ඇමැතිකම් ගෙන තවත් බරක් ජනතාව පිට පැටවීමට පක්ෂය සූදානම් නැති බවත්, පාර්ලිමේන්තු කමිටු ක්‍රමය තුළ රට ගොඩගන්නා වැඩපිළිවෙළට සහාය දැක්වීමට පක්ෂය සූදානම් බවත්ය.
එමෙන්ම කවුරුන් හෝ මෙවැනි අසත්‍ය පුවත් පළකොට පක්ෂය දෙඩ කිරීමට සැලසුම් කරන්නේ නම් එවැන්නක් සිදු නොවන බව කී මහලේකම්වරයා සජබය යනු එසේ කැඩිය හැකි පක්ෂයක් නොවන බවද කියා සිටියේය.










