බොලිවුඩ් පුරවරයේ අතිශය ජනප්‍රිය වූ “මැණිකේ මගේ හිතේ” ගීතය ට ඇති ඉල්ලුම නිසාම, එම ගීතයේ හින්දි අනුවර්තය ඔක්තෝබර් 25 වැනිදා තිරගත වීමට නියමිත ‘තෑන්ක් ගෝඩ්’ නම් බොලිවුඩයේ නවතම එම චිත්‍රපටයට යොදාගෙන තිබේ.
එම ගීතය අද එළිදැක්වුණි.
යොහානි මෙම ගීතය ගායනා කර ඇත්තේ ටී. සීරීස් ලේබලය වෙනුවෙනි.
අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි ඇතුළු අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙයි.
එම ගීතය පහතින්.