බ්‍රිතාන්‍ය සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ලබාදෙමින් පනවා තිබු සංචාරක සිමා ලිහිල් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කොට ඇත.
ලංකාවේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකළ අධීක්ෂණයෙන් අනතුරු එරට රජය මෙම තීන්දුව ගෙන ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ වසා දමා ඇති බවත් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය පුරවැසියන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
කෙසේවෙතත් බ්‍රිතාන්‍ය මේ ආකාරයට ලංකාව සම්බන්ධයෙන් සංචාරක සීමා ලිහිල් කළද යුරෝපය තම වැසියන්ට සංචාරය කළ හැකි රටවල් ලයිස්තුවෙන් ලංකාව ඉවත් කිරීමට පියවර ගෙන තිබිණ.