• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද හමුදාව බලෙන් ඉඩම් අල්ලපු නඩුව විසිවෙයි

April 23, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
යුද හමුදාව බලෙන් ඉඩම් අල්ලපු නඩුව විසිවෙයි
Share on WhatsAppShare on Facebook

සිවිල් පුද්ගලයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කොටගෙන මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් යුද්ධ හමුදාවට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිශ්ප්‍රභ කොට ඇත.

හැටන් කොටගල ප්‍රදේශයේ 581 බලසේනාව පිහිටුවීමේ දී යුද්ධ හමුදාව විසින් සිවිල් පුද්ගලයන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ප්‍රදේශයේ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරනු ලබන බවට චෝදනා කරමින් එවකට 58 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සහ බලසේනා මේජර් ධනෝජ් රශ්මිත කුඩාවිතාන යන අය වගඋත්තරකරුවන් කරමින් 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 66 (1) (ආ) වගන්තිය යටතේ යුද්ධ හමුදා භට පිරිස් මෙම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා යුද්ධ හමුදාවට විරුද්ධව පැවරූ නඩුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (22) නිශ්ප්‍රභා කරන ලදී.

අංක 32671 දරන මෙම නඩුවේ දෙපාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බලා මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශවය යුද්ධ හමුදාව වන බවත් රජයේ පාර්ශවයක් වන යුද්ධ හමුදාව මගින් පැමිණිලිකරුවන්ට එරෙහිව සාමය කඩවීමක් සිදුවී ඇති බව පැමිණිලිකරුවන් විසින් ඔප්පුකර නොමැති බැවින් එම නඩුව නිශ්ප්‍රභ කරමින් හැටන් හිටපු දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එන්.පටබැඳිගේ මහත්මිය විසින් ලියූ නඩු තීන්දුව හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ඒ.අයි. හෙට්ටිවත්ත මෙනවිය විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

හැටන් කොටගල ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන ගිණිගැනීම් වැනි ස්වාභාවික ව්‍යසන සඳහා ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් – 19 තත්වය පාලනය කිරිම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයක් ස්ථාපනය කිරීම සඳහාත් 581 බලසේනාව හැටන් කොටගල ප්‍රදේශයේ පිහිටුවීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් ඊට සුදුසු ඉඩමක් ලබාදෙන ලෙස යුද්ධ හමුදාව ඉල්ලීමක් කරන ලදි.

ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොටගල ප්‍රදේශයේ පිහිටි අක්කර 05ක පමණ වපසරියකින් යුත් ඉඩම් කොටසක් 2020.06.25 වන දින යුද්ධ හමුදාව වෙත ලිඛිතව පවරාදෙන ලදි.

SendShareShare
Previous Post

හරීන් බලන්න ආ සජිත්-මනූෂ…

Next Post

පරෙස්සම් වෙන්න! අතිභයානකයි!! කොරෝනා දැන් හුළඟිනුත් බෝවෙනවා!!! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.