සමගි ජන බලවේගයේ විරෝධතාව විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට තීරණය කිරීමත් සමගා විශාල පොලිස් බළකායක් එම ස්ථානය අවට රැකවල් සදහා යෙදවීමට පියවර ගෙන ඇති ආකාරයක් දැකගන්නට ඇත.
මේ වනවිටත් විශාල පිරිසක් පොලිස් බාධා නොතකා එම ස්ථානයට රැස්ව ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ.
කෙසේවෙතත් මෙම උද්ඝෝෂණය හේතුකොට ගෙන එම ප්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක්ද මතුවී ඇති බව වාර්තා වේ.










