කැබිනට් ඇමැතිවරයකුගේ පුත්‍රයකු ඇතුළු පිරිසක් යාල ජාතික වනෝද්‍යානයට ජීප් රථ තිස්පහකට ආසන්න සංඛ්‍යාවකින් ඇතුළු වී සතුන්ට බාධාවන අයුරින් නොමනා ලෙස හැසිරීම පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පිරිස පෙරේදා (23 වැනිදා) යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී තිබේ.
එම පිරිස කණ්ඩායම් දෙකක් ලෙස යාල කලාප අංක 1ට සහ කලාප අංක 2ට ජීප් රථවලින් පිටව ගොස් ඇත. ඔවුන් සමග මඟ පෙන්වීමට වනජීවි නිලධාරීන්
කිහිපදෙනෙකු ගොස් ඇත.
යාල කලාප අංක 1ට ජීප් රථවලින් ගිය පිරිස සිය වාහන මගින් ශබ්ද නංවමින් වනයේ සතුන්ට හිරිහැර වන පරිදි කටයුතු කර ඇති අතර ඔවුන් වනජීවි නිලධාරීන්ගේ උපදෙස් පිළිගෙන නොමැති බව අනාවරණය වේ.
මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමෙන් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම පිරිසට මග පෙන්වීමට ගිය පිරිස මෙම සිද්ධිය පිළිබඳව දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටද කටයුතු කර නොමැති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර අරුණට පැවැසුවේය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ මෙම පිරිසගේ නොමනා හැසිරීම පිළිබඳව අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බවය. මෙම පිරිස සමග ගමන් කළ වනජීවි නිලධාරීන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන බව ඔහු කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි හා වන සම්පත් අමාත්‍යාංශය කියා සිටියේ වැල්ලවාය ප්‍රදේශයේ මෝටර් රථ සංගමයේ සාමාජි ක යන් පිරිසක් සහ නිකවැරටි
කුකුළු ගොවිපොළ අයිතිකරුවන්ගේ සංගමයේ සාමාජික පිරිසක් මෙලෙස ජීප් රථ පදවා ඇති බවය.
මෙම පිරිස සමග වනජීවි සංරක්ෂණ නිලධාරීන් හත් දෙනෙකුද ගොස් ඇත. වනජීවි නිලධාරීන් මග හැර ජීප් රථ කිහිපයක් සතුන්ට බාධා වන අයුරින් මෙලෙස හැසිරී ඇති බ ව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ විමසීම සඳහා ‘අරුණ’ ඇමැති මහින්ද අමරවීර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ජංගම දුරකථනය විසන්ධි කිරීම නිසා සම්බන්ධ
කර ගැනීමට නොහැකි විය. -අරුණ