යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා විසින් පත්කළ නව ඇදුමකින් යුත් පොලිස් නිලධාරීන් පස් දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසූවේ එම නිල ඇදුම සම්බන්ධයන් සහ එම ඒකකය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවකි.










