සලකුණ ප්‍රශ්නය මුල්කරගෙන පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ නොහැකි බවට ජනාධිපතිවරයා තීන්දු කළහොත් ඊට විකල්ප සැලසුම් රැසක්ම පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ වනවිටත් සූදානම් කරගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ අවසන් අවස්ථාව බවද වාර්තා වේ.
යම් හෙයකින් ජනාධිපතිවරයා පොහොට්ටුව ලකුණ යටතේ සහාය ලබා දීම ප්‍රතික්ෂේප කළහොත් එම විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමටද බැසිල් රාජපක්ෂ මහතා තීන්දු කර ඇති බවද පැවසේ.
හෙතෙම මේ වනවිටත් ඒ බව මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුුුුම් දී ඇති බවද දැනගන්නට ඇත.










