හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීමට ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි මහතා තීන්දු කර ඇත.
ඒ අනුව අද්දරආරච්චි මහතා සේනානායක මහතා මුණගැසී මේ පිළිබදව සාකච්ජා කොට ඇති බව දැනගන්නට තිබේ.
කමල් අද්දරආරච්චි මහතාට අමතරව තවත් ප්‍රවීණ නළුනිළියන් රැසක්ම ඉදිරියේදී මහේෂ් සේනානායක මහතාට සහාය පළ කරමින් ඒ මහතාගේ වේදිකාවට ගොඩවීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










