• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ වැඩසටහන්වලට විහිලු කරන අයට.. හිනාවෙන අයට.. උපහාසයට ලක්කරන අයට මම කියන්නේ මිනිස්සුන්ට හුස්ම දෙන එක නවත්වන්නෙත් නෑ… මේ රටේ දරුවන්ට ‘සක්වලින්’ තාක්ෂණය දෙන එක මම නවත්වන්නෙත් නෑ…! වීරවිල තාසිම් මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයට ගිහින් විපක්ෂනායක සජිත් කියයි! VIDEO & PHOTOS

March 29, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
මේ වැඩසටහන්වලට විහිලු කරන අයට.. හිනාවෙන අයට.. උපහාසයට ලක්කරන අයට මම කියන්නේ මිනිස්සුන්ට හුස්ම දෙන එක නවත්වන්නෙත් නෑ… මේ රටේ දරුවන්ට ‘සක්වලින්’ තාක්ෂණය දෙන එක මම නවත්වන්නෙත් නෑ…! වීරවිල තාසිම් මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයට ගිහින් විපක්ෂනායක සජිත් කියයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

අප රටේ පළාත් පාලන ආයතන විදේශීය පළාත් පාලන ආයතන සමඟ ඒකාබද්ධ කොට සිස්ටර්සිටි බ්‍රදර්හුඩ් සංකල්පය හරහා දියුණු කරන බවට තමා පැවසූ විට මේ රටේ සිටින ඒ සම්බන්ධ නිසි දැනුමක් නොමැති නූගතුන් කිහිප දෙනකු එය විහිළුවට ලක් කරන බවත් කවුරු කෙසේ විහිළුවට ලක් කළත් පාසල් සහ පළාත් පාලන ආයතන එවැනි ධනවත් රටවල් සමඟ සම්බන්ධ කර මෙරට පාසල් සහ නගර දියුණු කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සංකල්පයට විහිලු කරන පුද්ගලයන්ට කියන්න ඇත්තේ සුනාමි ඛේදවාචකයෙන් අප රටේ පාසල් විශාල සංඛ්‍යාවක් විනාශ වෙන කොට විදේශීය රටවල පාසල්වල දුදරුවන් මුදල් එකතු කර අපේ රටේ පාසල් පද්ධතිය ගොඩනගන්න උදව් උපකාර කළ බවත් එබැවින් අලුත් ක්‍රමවේද, අලුත් වැඩපිළිවෙළ, අලුත් දැක්මක් ක්‍රියාත්මක කරන්න සුනාමි ගංවතුර වැනි ආපදා එනතුරු නොසිට දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් සකස් කිරීමට මේ සංකල්පය උපයෝගී කර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද කවුරු ක-ුමන කතා කිව්වත් උපහාසයට ලක් කළත් මේ සංකල්ප මේ වන විට හුස්ම සහ සක්වල වැඩසටහන් හරහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වා ඇති බවත් මේ වන විට ලක්ෂ 206ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ අප රටේ පාසල් පද්ධතියට ලබා දී ඇති බවත් මේ වැඩසටහන අවසන් වන විට පාසල් 52කට මින් ශක්තියක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (29) වීරවිල තාසිම් මුස්ලිම් කණිෂ්ට විද්‍යාලයට සක්වල වැඩසටහනේ 25 වැනි අදියර යටතේ සුහුරු පන්ති කාමර උපකරණ බෙදා දුන් අවස්ථාවට එක් වෙමිනි.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 25 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අදියර විසි හතරකදී සක්වල හරහා රුපියල් ලක්ෂ 19,729,650.00ක් වටිනා පරිගණක තාක්ෂණික පුවරු පරිත්‍යාග කොට තිබේ.

එමෙන්ම සක්වළට සමගාමීව පාසල් හැත්තෑවක් සඳහා රු.339,200,000.00ක් වටිනා බස්රථ 70ක් පාසල් සඳහා පරිත්‍යාග කොට තිබේ.

අප රටෙ දැවැන්ත අර්බුධයකට මුහුණ පා ඇති මේ අවස්ථාවේ පැරණි ක්‍රමවේදවලින් රට ගොඩගත නොහැකි බවත් ඒ සඳහා දැනුම කේන්ද්‍රීය අධ්‍යාපන රටාවක් ඇති කළ යුතු බවත් එහි දී කුමන පාර්ශව විවේචන එල්ල කළත් මෙරට රජයේ පාසල් 10150ම විදේශීය පාසල් සමඟ සම්බන්ධ කර අපේ රටේ පාසල් පද්ධතිය හරහා අප රටේ පාසල් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.

එහි දී විපක්ෂ නායකතුමා කියා සිටියේ අප රටේ අධ්‍යාපනයට වෙන් කරන මුදල්වලින් යහපත් අධ්‍යාපන සංවර්ධනයක් සිදු වෙනවාද කියා සොය බැලිය යුතු බවත් සමහර පාසල්වල එකම ශාලාවේ පන්ති කාමර ගණනාවක් පැවැත්වෙන බවත් එවැවින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති විය යුතු බවත් ය.

අප රටේ සමහර පාසල්වල එක් ඉංග්‍රීසි ගුරුවරයෙක් හෝ නොමැති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ හඬක් නගා එම ගුරුවරුන් ලබා දීමට කෙසේ හෝ කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය. සාක්ෂතරතාවෙන් අප ඉහළ තැනක සිටින බව පැවසුත් එම මිනුම් දඬු විශ්වාස කළ නොහැකි බවත් මෙරට යල්පැනගිය අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බවත් ඒ තුළින් ඉහළ සාක්ෂරතාවක් ඇති කළ හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පස්සෙන් පන්නන් ගියා! අපිට කඩුවකින් කෙටුවා! අපි වෙඩි තිබ්බා! ඉස්පිරිතාලෙදි නැති වුණා… -මාරවිල පොලිසිය!

Next Post

සජිත්ගේ සජබ ගාලු ආර්ථික සමුලුව The BLUE PRINT…! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.