වෙන්නප්පුව පේරගස්හංදිය ප්‍රදේශයේදී වැටලීමක් අතරතුර පොලීසිය විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙන්නපුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවූ සැකකරුවෙකි.
පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු පසුපස අද පස්වරුවේ මාරවිල පොලීසියේ නිලධාරීන් ලුහුබැඳ තිබේ.
එහිදී මියගොස් ඇති සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහරදී ඇති අතර එම අවස්ථාවේදී පොලීසිය විසින් වෙඩිතැබීමකින් සැකකරු තුවාළ ලබා තිබේ.
පොලීසිය පවසන්නේ පසුව තුවාළ ලැබූ සැකකරු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඔහු සමඟ සිටි අනෙක් සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.