ආණ්ඩුව රටේ ප්‍රශ්න විසදීම පසෙක තබා 70ක පමණ කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් විශාල ප්‍රමාණයක් පත්කිරීමට සැලසුම් කර ඇති බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට නාමල්, ජොන්ස්ටන්, පවිත්‍රා සහ රෝහිත වැනි පිරිස්වලට කැබිනට් ඇමැති ධූර ලබා දෙන පොහොට්ටුවෙන් ඉල්ලා ඇති බවත්, ගෝඨාභය ඉවත් වුවද පැරණි මුහුණු සියල්ල යළි මතුවෙමින් පවතින බවත්ය.