• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ පාර ජන්ද 47න් 10ක්වත් නෑ!!! ජිනීවා ජන්දෙන් ලංකාවට ඇපත් නැති වෙයිද?

March 16, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
මේ පාර ජන්ද 47න් 10ක්වත් නෑ!!! ජිනීවා ජන්දෙන් ලංකාවට ඇපත් නැති වෙයිද?

New High Commissioner for Human Rights Michelle Bachelet attends the opening day of the 39th UN Council of Human Rights in Geneva on September 10, 2018. - In her first speech as head of the UN rights called Bachelet for the creation of a new "mechanism" tasked with preparing criminal indictments over atrocities committed in Myanmar, amid allegations of genocide against the Rohingya minority. (Photo by Fabrice COFFRINI / AFP) (Photo credit should read FABRICE COFFRINI/AFP/Getty Images)

Share on WhatsAppShare on Facebook

පුද්ගල ඝාතනය, සමූහ මිනිස් ඝාතනය, ස්ත්‍රී දූෂණය, ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම, බලහත්කාර ලෙස අතුරුදන් කිරීම, කෲර ලෙස ශරීර වදහිංසා පැමිණවීම, බිය ගැන්වීම, මිනිස් පළිහක් ලෙස භාවිත කිරීම, ගුවනින් බෝම්බ හෙළිම, ෂෙල් වෙඩි තැබීම, දේපොළ විනාශ කිරීම. කුමක්ද මේ දිගට, හරහට කියාගෙන යන චෝදනා පත්‍රය, එසේම මේ ක්‍රියාවන්වලට වගකිවයුතු චූදිතයන් කවුද? මේ තමයි අපගේ රටේ පසුගිය සමයේදී නිමාවකට පත්වුණු වාර්ගික යුද්ධයේ පිටුපස ඇති භයානකම අඳුරු සෙවණැලි පෙළගැස්ම. මේ දීර්ඝ ලැයිස්තුව හඳුන්වන්නේ හරිම ලස්සන වදන් පේළියකිනුයි. ඒ තමයි ‘මානව හිමිකම් කඩකිරීම’ යන කතාන්දරය. බොහෝ දෙස් විදෙස් පාර්ශ්ව තමන්ගේ ඇඟිල්ල දික්කරන ආකාරයට මේ චෝදනාවල චූදිතයන් වන්නේ ශ්‍රී ලංකා රජය හෝ එසේත් නැතිනම් ශ්‍රී ලංකා හමුදාවයි.
දශක තුනක් පුරාවට පැවැති මෙම භයානක භීෂණය කෙළවරක් දැක්කේ 2009 වසරේ මැයි 18 වැනිදායි. යුද්ධය පැවැති සමයේදීත් මානව හිමිකම් කඩකිරීම ගැන විවිධ කතා අනේක වාරයක් අසන්නට ලැබුණත්, මේ නාටකය හොඳින්ම ප්‍රදර්ශනය කිරීම ඇරැඹුණේ 2009 වසරෙන් පසුවයි. එදා සිට අද දක්වාම මෙම මානව හිමිකම් කඩකිරීම ගැන දෙස් – විදෙස් පාර්ශ්ව රාශියක් තමන්ගේ චෝදනා පත්‍රයක් ගෙන එනවා. මෙයින් පළමු ස්ථානයේ ඉන්නේ අප හොඳින් හඳුනන, අසා තිබෙන ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය’ නොහොත් (ඹබසඑැා භ්එසදබි ්‍යමප්බ ඍසටයඑි ක්‍දමබජසක – ඹභ්‍යඍක්‍) නමැති ජාත්‍යන්තර සංවිධානයයි. සෑම වසරකම හරියටම මාර්තු මාසය වන විට මෙම චෝදනා සංග්‍රහය එළියට එන්නේ ‘චෝදනා සංග්‍රහයක්’ ලෙස නොව ‘යෝජනා සංග්‍රහයක්’ ලෙසය. එය අපූරු වගතුගකි.

අඳුර දෙබෑ කරගෙන එළිපෙහෙළියට එන මහා භූතයකුගේ හෝ අවතාරයක හෝ මෙන් මෙම යෝජනා සංග්‍රහය එළියට එන්නේ, ශ්‍රී ලංකාවට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි මතයකද සිටගෙනය. ඒ අනුව මෙම 2021 වසරේ මාර්තු මාසයේදීද මෙය එළිදැක්වී ඇත. මෙවර පැවැත්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය වන අතර, එය පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙයි. මෙවරද ශ්‍රී ලංකාවට එරෙහිව මෙම කවුන්සිලය මඟින් මානව හිමිකම් චෝදනා රැසක් ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනාවලිය ගැන මෙම දිනවල සාකච්ඡා පැවැත්වෙයි. කෙසේ හෝ මෙය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නඟාසිටුවීම සඳහා වන යෝජනා කෙටුම්පතක් ලෙසට අර්ථ ගැන්වෙයි. මෙම කෙටුම්පත මාර්තු 11 දක්වා වන කාලය තුළදී කිහිප වතාවක් සංශෝධනය වීමද සිදුවී ඇති අතර, එහි අවසන් යෝජනා කෙටුම්පත සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම මාර්තු 22 වැනිදාය. එනම් එහිදී සිදුවන්නේ එම කෙටුම්පත ජයග්‍රහණය කරවීමට හෝ පරාජය කරවීමට හෝ විවිධ රටවල් මඟින් ඡන්දය ලබා දීමය. ඒ අනුව මාර්තු 22දා ශ්‍රී ලංකාවට ඉතාමත්ම තීරණාත්මක දිනයක් වන අතර, එම මානව හිමිකම් යෝජනාවලිය ඉදිරියේ ශ්‍රී ලංකාව පරාජය වීමට හෝ ජයග්‍රහණය ලැබීම සිදුවනු ඇතිය. ඒ නිසා මෙය ලෙහෙසියෙන් අල්ලා ඉවත දැමිය හැකි විෂයක් නොවේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම් මණ්ඩලයට පසුගිය 2021 පෙබරවාරි 19දා භාර දෙන ලද කෙටුම්පත නම්කර ඇත්තේ, ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය’ යනුවෙනි. මෙම යෝජනාවලියේ යෝජක කණ්ඩායම ලෙස රටවල් 6ක් ඉදිරිපත්ව ඇති අතර, මහා බි්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මලාවිය සහ මොන්ටිනීග්‍රේව එම රටවල් වෙයි. මෙම විශේෂ කෙටුම්පත ප්‍රාරම්භක ඡේද 15කින්ද, සක්‍රීය ඡේද 16කින්ද සමන්විතය. මෙම යෝජනාවලියෙන් ප්‍රධානතම යෝජනා 07ක් දැක්වෙයි. ඒවා කෙරෙහි එකින් එක අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි.

– දීර්ඝකාලීනව පවත්වාගෙන එන සංකේතාත්මක නඩු ඇතුළුව මානව හිමිකම් නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමේ සියලු චෝදනා සම්බන්ධයෙන් කඩිනම්, අංගසම්පූර්ණ සහ අපක්‍ෂපාතී විමර්ශනයක් සිදුකරන බවත්, අවශ්‍ය වේ නම් නඩු පවරන බවත්, සහතික වන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

– ජාතික මානව හිමිකම් කොමිසම, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සහ හානි පූර්ණ කාර්යාලය යන ආයතනවල ඵලදායී සහ ස්වාධීන ක්‍රියාකාරිත්වය සහතික කරන ලෙසද, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

– සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්‍ෂා කරන ලෙසත්, ඔවුන්ට එරෙහිව එල්ල වන කවර හෝ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙසත්, අවහිරයෙන්, අනාරක්‍ෂාවෙන් සහ පළිගැනීම්වලින් තොරව ආරක්‍ෂාකාරී ලෙසින් සිවිල් සමාජයට කටයුතු කළ හැකි පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

– ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කිරීම සඳහා වන කවර හෝ නීතියක් හෝ වේ නම් ඒවා ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිවලට අනුකූල බවට සහතික වන ලෙසත්, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. එනම් එහිදී ජාත්‍යන්තර ප්‍රමිතියට අදාළ විය යුතුය.

– සියලුම ආගමික පූජාවන්ට සිය ආගම ප්‍රකාශ කිරීමටත්, විවෘතව හා සමාන්‍ය ලෙසින් සමාජයට දායක වීමටත් ඉඩකඩ සලසා දීමෙන් ආගමික නිදහස සහ බහුවිධතාව පෝෂණය කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

– එක්සත් ජාතීන්ගේ විශේෂ විධිනියාම දරන්නන් (ීචැජස්ක ඡරදජැාමරුි ඵ්බා්එැ ්‍යදකාැරි)ට දක්වන සහයෝගය දිගටම පවත්වාගෙන යාමටත්, මේතාක් ඉටු නොවූ ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමටත් මෙයින් ශ්‍රී ලංකා රජය දිරිමත් කරනු ලැබේ.

– ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර ඇතිකර ගන්නා එකඟතාවය මත, උක්ත පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ තාක්‍ෂණික සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සහ විශේෂ විධිනියාම දරන්නන් මෙයින් දිරිගන්වනු ලැබේ.

දැන් ඔබට නිසි තත්ත්වය පැහැදිලි වනු ඇතැයි සිතමි.

මෙම ප්‍රධාන යෝජනා 07ට අමතරව තවත් උපයෝජනා රැසක්ද මෙම විශේෂ කෙටුම්පතට ඇතුළත්ය. කෙසේ හෝ මෙම ප්‍රධාන යෝජනා 07 තුළින්ම පෙනී යන්නේ මෙම ක්‍රියාවලිය ඉතාමත් බැරෑරුම් එමෙන්ම සංකීර්ණ එකක් බැව්ය. මෙවර යෝජනාවලිය මෙයට පෙර ඉදිරිපත් කරන ලද යෝජනාවලියන්ට වඩා බලවත් එකක් බැව් දේශපාලන සහ නෛතික අංශ විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. කෙසේ හෝ මෙම තීරණාත්මක තත්ත්වයට මුහුණ දීම සඳහා මෙම 2021 වසරේ ජනවාරි මාසයේ සිටම රජය විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබුණේය. එනම් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් ඉදිරිපත් කර ඇති චෝදනා හා එම චෝදනා සොයා බැලීමට පත්කළ කමිටුව විසින් විශේෂ වාර්තාවක් සකස් කළ අතර, එම කමිටු වාර්තා අධ්‍යයනය කිරීම සඳහාද නව විශේෂ ත්‍රිපුද්ගල විමර්ශන කොමිෂන් සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත්කරන ලදී. පසුගිය 2020 වසරේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙවැනි කොමිසමක් පත්කරන බැව් කවුන්සිලයට දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කොමිසම පත්කරනු ලබන බැව් ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව එම විශේෂ කොමිසම පත්කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එච්. එම්. ඩී. නවාස් මහතාගේ සහභාගිත්වයෙන් යුතුව මෙම කමිටුව පසුගිය 2021 ජනවාරි 21 වැනිදා ජනාධිපතිවරයා විසින් පත්කරන ලදී. මෙය ත්‍රිපුද්ගල කමිටුවක් වන අතර, මෙතෙක් ප්‍රකාශයට පත්වුණු ශ්‍රී ලංකාව පිළිබඳ වූ මානව හිමිකම් වාර්තාවන් කිහිපයක්ම පිළිබඳව කමිටුව අධ්‍යයනය කරයි. කෙසේ හෝ මෙවැනි තත්ත්වයක් වත්මන් රජය යටතේ තිබුණද, 2015 වසරේදී එකල යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාවලිය පිළිගැනීමට කටයුතු කළේය. එසේම එකල විදේශ ඇමැති මංගල සමරවීර විසින් එම යෝජනාවලියට සම අනුග්‍රහය නිල වශයෙන් දක්වා තිබිණි. එසේම එකල එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා 2017 වසරේදී කාල දිගුවක්ද ශ්‍රී ලංකා රජය ලබාගෙන තිබිණි. මේ සිදුවීම් තුළින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ, මානව හිමිකම් කඩවීම්, අතුරුදන් කිරීම් ආදිය සිදුව ඇති බවට ලක් රජය පිළිගෙන තිබෙන බැව් එකල මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කර තිබිණි. ඒ කෙසේ වුවද මෙම ‘මානව හිමිකම් නාටකය’ හැම වසරකදීම මෙම කාලයේදී කරළියට පැමිණෙයි. මෙම ‘මානව හිමිකම් චෝදනා ආටානාටිය’ වේදිකාගත වන සෑම කායලකදීම එයට පාක්‍ෂික සහ එයට විරුද්ධ වන විවිධ පාර්ශ්ව හා පුද්ගලයන් රැසක්ම ඇත. මෙහිදී පසුගිය කාලයක් පුරාවට විදෙස් රටවලින් මේ සඳහා පාක්‍ෂිකව සහයෝගය දැක්වූ විවිධ පුද්ගලයන් රැසක් විය. එම සියලු වගතුග මෙහි ලියන්නට ඉඩක් නැති වුවත්, මෙම කාලයේදී මේ යෝජනාවලිය සඳහා බොහෝ පාක්‍ෂිකව උපරිම සහාය දක්වන එක් විශේෂිත චරිතයක් ඇත. එම තැනැත්තා කාන්තාවක් වන අතර, ඇය නම් වත්මන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂෙලේය. ඇය මෙම කොමිසමේ නායකත්වය දරන අතර, පසුගියදා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දැඩි දෝෂදර්ශනයට ලක්කරමින් ඇය නිල වාර්තාවක් නිකුත් කළාය. මේ දිනවල මහත් කතාබහට සහ ආන්දෝලනයකට මැදිව තිබෙන්නේ ඇයගේ මෙම වාර්තාවයි. කෙසේ හෝ මෙම සුවිශේෂී ගැහැනියගේ වගතුග සොයා බැලීම ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් වැදගත් වනු ඇතිය. දැනට 69 වැනි වියෙහි පසුවන ඇයගේ සම්පූර්ණ නම වෙරෝනියා මිෂෙල් බැෂෙලේ ජෙරියා වන අතර, ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරිය වශයනේ පත්වන්නේ 2018 සැප්තැම්බර් 18 වැනිදාය.

මිෂෙල් බැෂෙලේ යන කාන්තාවගේ නිසි තොරතුරු දැනගතහොත් ඔබ පුදුමයට පත්වනු ඇතිය. එනම් ඇය ලතින් අප්‍රිකානු විශාල දේශයක් වන චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපතිනිය වෙයි. එනම් ඇය එරට 35 වැනි ජනාධිපතිවරයා වන අතර, 2014 මාර්තු 11 සිට 2018 මාර්තු 11 දක්වා නොකඩවා චිලි රාජ්‍යය පාලනය කළ ජනාධිපතිනිය වෙයි. මිලියන 17.5ක ජනතාවක් වෙසෙන ‘චිලි’ යනු ලෝකයේ 37 වැනි විශාලම රාජ්‍යයද වෙයි. මිෂෙල් බැෂලේ චිලි රාජ්‍යයේ ජනාධිපති ධුරයට පත්වූයේ 62%ක අති විශාල ඡන්ද බහුතරයක් ලබාගනිමින් වන අතර, ඇය එරට ප්‍රථම ජනාධිපතිනියද වූවාය. මෙවැනි සුවිශේෂි චරිතයක් මානව හිමිකම් කොමසාරිස් ධුරයට පත්වූයේ කෙසේද? මිෂෙල් බැෂෙලේ චිලි රාජ්‍යයේ ආරක්‍ෂක ඇමැති ධුරයද වසර ගණනාවක් දැරූ කාන්තාවක් වන අතර, ඇය ලොව වටා ජනප්‍රියත්වයටද පත්ව සිටින්නේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙසය. කෙසේ හෝ ඇය යම් ආකාරයක දරදඬු පරිපාලිකාවක් ලෙසටද ප්‍රකටය. මෙවැනි වටාපිටාවක් යටතේ ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස පත්වන්නේ 2018 සැප්තැම්බර් 01 දා වන අතර, දැනටද ඇය එම තනතුර උසුලන්නීය.

දැන් ඔබ හොඳින් මිෂෙල් බැෂෙලේ හඳුනාගෙන ඇතිය. ඇය දැනට මෙම උත්තරීතර තනතුර වසර 3ක් පුරා හොබවන අතර, ඇය 2019 සහ 2020 යන වසර දෙකෙහිදීම ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා ගෙන ඒමට කටයුතු කළාය. කෙසේ හෝ එම වසරවලට වඩා ඇය ඉතාමත්ම ප්‍රබල ලෙස ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් දෝෂාරෝපණය ගෙන ආවේ මෙම 2021 වසරේදීය. ඇය පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාව සහ රජය ඉතාමත්ම ප්‍රබල ලෙස එළිපිටම සමාජය තුළදී විවේචනයට සහ දැඩි දෝෂදර්ශනයට ලක්කළාය. එහිදී ඇය දරුණු ලෙස වත්මන් ශ්‍රී ලංකා රජයට පහර දෙන අතර, 2009 වාර්ගික යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් දැඩි ලෙස හෙළා දකින්නීය. කෙසේ හෝ මෙවර ඇයගේ ප්‍රධානත්වය යටතේ ඉදිරිපත්ව ඇති චෝදනාවලිය මේ වන විට දෙස් – විදෙස් බොහෝ පාර්ශ්ව දැඩි ආන්දෝලනයකට පත්කර ඇත. කෙසේ හෝ මේ තත්ත්වය යටතේ මෙම මාර්තු 22 වැනිදා වන විට එහි සංක්‍රාන්තිය උදාවනු ඇතිය. එනම් ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාවලිය පරාජය කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතිය. එය අප රටට තනිව කළ හැක්කක්ද නොවේ.

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් යෝජනාවලියේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මෙම මාර්තු 22දා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදීය. මෙහිදී ඡන්දය දීම සිදුකරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් විසිනි. මෙම කවුන්සිලයේ දැනට රටවල් 47ක් සාමාජිකත්වය දරයි. මෙම ජාත්‍යන්තර සංවිධානයට එතරම් පැරැණි ඉතිහාසයක් නැති අතර, මෙය පිහිටුවනු ලැබුවේ 2006 වසරේ මාර්තු 15 වැනිදාය. එනම් දැනට වසර 14ක් පමණ පැරැණි අතර, මෙහි මව් සංවිධානය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එය දැනට වසර 76ක් පැරැණි ජාත්‍යන්තර සංවිධානයකි. ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය නිම වීමෙන් පසුව මෙරට මානව හිමිකම් යෝජනාවලීන් කිහිපයකම ඡන්ද විමසීම්වලට සහභාගි විය. එහෙත් එම අවස්ථා බහුතරයකදීම රජය පරාජයට පත්වූ අතර, 2014 වසරේදී පමණක් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් අත්විය. එහිදී සාමාජික රටවල් 47කින් රටවල් 24ක ඡන්දය යෝජනාවලියට එරෙහිව ලබා දීම නිසා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්විය. මෙය ජගත් මානව හිමිකම් ඉතිහාසයේ සුවිශේෂි සිද්ධියක් වූ අතර, ලොව වටා මහත් ආන්දෝලනයක්ද ඇති කළේය.

එම ඓතිහාසික සිදුවීමේදී ලෝකයේ බලගතු එමෙන්ම ධනවත් බටහිර රටවල් රැසක් එක් පැත්තක් ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව වන විට, තවත් සුවිශේෂී රටවල් රැසක් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වූයේය. ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, පාකිස්තානය, සවුදි අරාබිය, පිලිපීනය, ඉන්දුනීසියාව, මාලදිවයින, ඇල්බීරියාව, කොන්ගෝ, කියුබාව, කෙන්යාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ගැබොන්, කසකස්තානය, ක්වේට්, මොරොක්කෝ, නැමීබියාව, දකුණු අප්‍රිකාව, බුර්කිනා ෆාසෝ, වෙනිසියුලාව සහ වියට්නාමය යන රටවල් ශ්‍රී ලංකාවට පක්‍ෂව ඡන්දය ලබාදුන් රටවල් 24 විය. ඒ අනුව 2014 වසරේදී එක් ඡන්දයකින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්විය. ඒ නිසා එම අවස්ථාවේදී ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් රැසක් මහත් දැඩි අපහසුතාවයකට පත්වූයේ ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබලව මානව හිමිකම් චෝදනා නැඟූ හෙයිනි.

කෙසේ හෝ ශ්‍රී ලංකාවට එරෙහිව මෙසේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන චෝදනා නැඟෙන විටදී, එල්.ටී.ටී.ඊ. දමිළ කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිවද දෙස්-විදෙස් චෝදනාවන් රැසක් නැඟෙයි. එහෙත් එම චෝදනාවන් නොඇසුණා මෙන් සිටින ‘එන්.ජී.ඕ. ඩොරල් කාක්කෝ’ රැසක්ද ශ්‍රී ලංකාවේ වාසය කරති.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලෝකෙටම දුවන්න ගහපු සංගා සීගිරි ඉඩමේ දුස්රාවෙන් දැවී යයිද?

Next Post

ඉන්දියාව කුප්ප වැඩක: අන්තිම මොහොතේ නීති වෙනස් කර ලංකාව දෙකට දමයි

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.