විදුලි බිල වැඩි කිරීමේ සහ විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පිලිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අදහස් දැක්වීමක් කළේය.
එහිදී ඔහු කියා සිටියේ විදුලි බිල වැඩි කිරීම හරහා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිදවැටීමට නියමිත බවකි.










