ජාතික ජන බලවේගය පැවැත්වූ විරෝධතාවට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකින අතර සිදු වූ මිනිස් ඝාතනයට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා පුළුල් ක්‍රියා මාර්ග සඳහා සියලු බලවේග සමග එක්ව වැඩ කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
මෙය කිසිසේත්ම ඉඩ දිය නොහැකි තත්ත්වයත් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










