පසුගිය දිනවල මාධ්‍ය හරහා හුවමාරුවන වීඩියෝවක දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සහ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා තීරණය කර ඇති බවක්. සැබැවින්ම ඔහු මේ මොහොතේ එවන් තීරණයක් ගෙන ඇතිද ?
ඒ පිලිබදව වන කරුණු විමසුමක් පහතින්.
සමාජ ජාලා සටහන්
සජිත් ප්‍රේමදාස විපක්‍ෂනායකවරයාගේ ප්‍රකාශයක් ලෙස වීඩියෝවක් වට්සැප් හරහා පැතිර තිබුණේ පහත අයුරින්. එම වීඩියෝ මඟින් හැඟවෙන්නේ නව දේශපාලන ගමනක් සඳහා ජනපති රනිල් සමඟ එක්සත්ව වැඩ කිරීමට තීරණය කර ඇති බවක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසු බවකි.

එම වීඩියෝවේ රුප රාමු යොදාගනිමින් ඡායාරුප සටහන් ද ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එමඟින් ද අදහස් කර තිබුනේ සජිත් ප්‍රේමදාස විසින් මේ ආකාරයේ සන්ධානගත වීමක් පිළිබඳව මෑතක දී ප්‍රකාශයක් සිදුකර ඇති බවක්.

එසේම මෙම වීඩියෝව ෆේස්බුක් පිටුවක ද මුලින් පළවී තිබුනේ පහත පරිද්දෙන්. නමුත් එහිද අපට එම ප්‍රකාශය සිදුකල කාල වකවානුවක් හෝ පසුබිමක් පිලිබදව පැහැදිලි විස්තරයක් පළකර තිබුනේ නැහැ.
https://www.awesomescreenshot.com/video/16560317?key=a1dede2afeef5355dcf88ad40f933cc5
ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ හේතුවෙන් මෙම අදහස් දැක්වීම ඇත්ත වශයෙන්ම විපක්ෂ නායකවරයා විසින් කිනම් අවස්තාවක් සිදුකළේ ද යන්න සහ එහි පසුබිම පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
අප මුලින්ම විමසා බැලුවේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා මෑතදී මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇතිද යන කාරණය සොයා බැලීමයි. ඔහුගේ නිල සමාජ ජාලා මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා පරික්ෂා කිරීමේ දී මෑතකදී එවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බව තහවුරු විය.
2020 පෙබරවාරි මස, සජබ සමාරම්භක උළෙලට පැමිණෙන ලෙස සජිත් විසින් සිදුකළ ආරාධනයක් ඇතුළත් අදහස් දැක්වීමක කොටසක්, නොමඟ යවන සුළු ලෙස පළකිරීමක්!
ඉන්පසුව අප Invid- We Verify ඔස්සේ මෙම වීඩියෝවේ ආරම්භය පිලිබදව සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා විසින් 2020 මහ මැතිවරණ මාස කිහිපයකට පෙර, සමගි ජන බලවේගය පක්ෂය පිහිටවූ ආරම්භක අවස්ථාවට ආසන්න වකවානුවේදී, එනම් 2020 පෙබරවාරි මස මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර සිදුකරන ලද ප්‍රකාශයක කොටසක්, මෑතක සිදුකරන ලද ප්‍රකාශයක් ලෙස නොමඟ යවන සුළු අර්ථකතනයක් සමඟ හුවමාරු වී ඇති බවයි. 2020 පෙබරවාරි 26 දින ‘අද දෙරණ’ ඔස්සේ විකාශය වූ වීඩියෝව මෙතනින්
සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවේ දී පවසන්නේ 2020 මාර්තු 2 වෙනි දින නෙලුම් පොකුනේදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ ආරම්භක අවස්ථාවට පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ එවකට එක්සත් ජාතික පක්ෂ නායකයාටද ආරාධනා කරන බවයි. ඊට අමතරව මාතෘභූමියට මුල් තැන දෙමින්, දේශප්‍රේමී, දේශහිතෛශි, රටේ ඒකීය භාව සුරකින, ජාතිභේදය සහ ආගම්භේදය දුරලන, ජාතිවාදය සහ ආගම්වාදය පිටුදකින, රටේ ස්වෛරීත්වය, භෞකිම අඛණ්ඩතාවය, ඒකීයභාවය සුරකින ඕනෑම කණ්ඩායමක් සමගි ජන බලවේගය සමඟ එකතුවීමට ඇරයුම් කරන බව ද එහිදී මාධ්‍යවේදියෙකු වෙත අදහස් දක්වමින් සජිත් පවසා තිබුනා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 2020 පෙබරවාරි 26 දින විශේෂ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් එම අවස්තාව ඇතුළත් සම්පුර්ණ විදියෝව, සජිත් ප්‍රේමදාස නිල YouTube චැනලයේ, පළකර තිබුනේ
විපක්ෂ නායක කාර්යාලය
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ආකාරයෙන් සකස්කර තිබු, වසර 3 කටත් වඩා පැරණි වීඩියෝවක කොටසක් බවත්, සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය/රජය සමග එක්වීමට නියමිත බවට වන ප්‍රචාර සත්‍ය නොවන බවත්, විපක්ෂ මාධ්‍ය ලේකම් පවසා සිතනවා.
එසේම සමගි ජන බලවේගයට රජයට එක්වෙන ලෙස හුවමාරු වන ඉල්ලීම් පිලිබදව විපක්ෂනායක සජිත්ගේ මතය කුමක්ද යන්න පිලිබදවත් අප විමසා බැලුවා. මේ ප්‍රචාර සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරන සජිත් ප්‍රේමදාස පවසන්නේ පවතින රජය සමග මේ මොහොතේ එක්වීමට තම පක්ෂයේ කිසිදු සුදානමක් නොමැති බවත්, ආණ්ඩුවට විසින් සිදුකරන මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණ පිළිකුලෙන් හෙළා දකින බවත්ය . විපක්ෂනායකවරයා නිකුත් කල සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින්.











