• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න තවත් සුසන්තිකා කෙනෙක්! මේ කෙල්ලට උදව් කළොත් ඔලිම්පික් පදක්කමක් ෂුවර්! Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න තවත් සුසන්තිකා කෙනෙක්! මේ කෙල්ලට උදව් කළොත් ඔලිම්පික් පදක්කමක් ෂුවර්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ක්‍රීඩාව යනු පැලඳිය යුතු පදක්කමක් නොව ඇදහිය යුතු ධර්මතාවකි’ යන ප්‍රකට කියමන ක්‍රීඩාවේ සැබෑ අර්ථය පැහැදිලි කරන වටිනා මතයක් වේ. ක්‍රීඩාවේ අරමුණ මනෝරමණීය වූ ජයග්‍රහණයක් පමණක්ම නොවේ. එය අපගේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න කරගැනීමට, ශාරීරික සුවය පවත්වාගැනීමට මෙන්ම මිතුරන් සමග එකමුතුව සිටිමින් සතුට දායාද කිරීමට මග පාදයි. එමෙන්ම ක්‍රීඩාව ගෞරවය, නීතිය, සහනශීලීත්වය හා සදාචාරය වර්ධනය කර ගැනීමටත් පිටිවහලක් වනු ඇත. පදක්කමක් පමණක් අරමුණු කරගත් විට ජයග්‍රහණය නොමැති අවස්ථාවක අප අසතුටට පත්විය හැක. නමුත් ක්‍රීඩා ධර්මතාව අරමුණු කරගත් විට ජයග්‍රහණය අහිමි වුවද අප තුළ ගෞරවය, ජීවිත ගුණාංග වර්ධනය වේ. එබැවින් සෑම ක්‍රීඩකයෙක්ම සිහි තබාගත යුත්තේ ක්‍රීඩාවේ සත්‍ය අගය පදක්කම නොවේ, ජීවිතය ගොඩනගන ධර්මය බවයි.Sri Lanka Latest News

එබඳු ක්‍රීඩාව ධර්මතාවයක් කොටගත්, නොපසුබට උත්සාහය හමුවේ, ජාතියට ගෞරවයක් එක්කර දුන් පුංචි දියණියකගේ විශිෂ්ට ජයග්‍රහණයක් ලොවට හඬගා කියාපාන්නට මම අවස්ථාවක් කරගනිමි. ඇය ඉසිනි එනාරා පුංචිබණ්ඩා දියණියයි. පසුගිය දින ගාල්ල දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති කරාතේ තරග ඉසව් මාලාවේ කේවළ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමස්ත කරාතේ තරග ඉසව්වේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීමටත් හැකිවීම ඇයගේ මෙම විශිෂ්ටත්වය මුළු ලොවටම කියාපෑමට මම රුකුලක් කර ගනිමි.

හැටන් ශ්‍රීපාද ජාතික පාසලේ ගුරුහරුකම් ලබන එනාරා ඇයගේ පියාගේ නොමඳ දක්ෂතාව ඉදිරියට ගෙන ආ අතිදක්ෂ ක්‍රීඩිකාවකි. ඇගේ පියා ජාතික කරාතේ සංචිතය නියෝජනය කළ හිටපු ජාතික තලයේ කරාතේ ක්‍රීඩකයෙක් වීම විශේෂ වේ. පියාගෙන් ලැබූ දායාදය අද මුළු ලෝකයක් හමුවේ එළිදැක්වීමට පුංචි එනාරා සමත් වී ඇත. ඇයගේ මව වන රොෂානි ප්‍රනාන්දු වසර ගණනාවක් ගුරුවරියක් ලෙස සේවය කළ අතර තම දියණියගේ මෙන්ම තම පුතණුවන්ගේ ද අධ්‍යාපනය හා ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ කැපවීමද අමතක කළ යුතු නොවේ. එනාරාගේ බාල සහෝදරයාද කරාතේ ක්‍රීඩාවේ ජාතික තලයේ ක්‍රීඩකයෙකි. පවුලෙන් ලද ආභාෂය හුදෙක් ඇයගේ ක්‍රීඩා ගමනට පන්නරයක් විය.
පුංචි එනාරා කරාතේ ක්‍රීඩවට ප්‍රවේශ වන්නේ ඉතාමත් කුඩා කාලයේ සිටමයි. මධ්‍යම පළාතට වසර විසිතුනකට පසු කරාතේ ක්‍රීඩාවේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා, තවත් පළාත් කිහිපයත් අත්පත්කර දීමට හැකිවීම ගැන ඇය තුළ ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ආරම්භයේ පටන්ම ඇගේ ගමන ගැන ඇය මෙලෙසින් අදහස් පළ කළාය. ඇගේ පියා උරහිස මත හොවාගෙන වයස අවුරුදු තුනක් කුඩා සන්ධියේ සිට කරාතේ පන්තියට රැගෙන යන්නේ එදා සිට වර්තමානය තෙක් ඇගේ හෙවණැල්ල ලෙසත් මෙන්ම ඇගේ පුහුණුකරු ලෙසින්ය. ඒ ලැබූ ගුරුහරුකම්වල ප්‍රතිඵල ලෙස ඇය පළමු රන් පදක්කම හිමිකරගනු ලබන්නේ වයස අවුරුදු හතරක් වැනි කුඩා වියේ සිටය. ඉන්පසු සමස්ත ලංකා කනිෂ්ඨ පාසල් තරග, ශ්‍රී ලංකා කරාතේ සම්මේලන ශූරතාව, ජාතික ශූරතාවලින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන ජාතික පාසල් කරාතේ ශූරතාවයෙන් රන් පදක්කම්, රිදී හා ලෝකඩ පදක්කම් දිනාගැනීමට ඇය සමත් වී ඇත. එපමණක් නොවේ (2024) වර්ෂයේදී කිලිනොච්චියේ පැවැති සමස්ත ලංකා ජාතික පාසල් කරාතේ ශූරතාවලියේදී රන් පදක්කම දිනාගැනීමටත් ඇය සමත් විය. එමෙන්ම ඇගේ කළුපටි ඩිප්ලෝමාව ලබාගන්නේ ජපානයේ ඔසාකාහි මවු සංගමයේදීය. එහි පැවැති කුනිබාකායි ජාතික ශූරතාවලියේදීද පදක්කම් දිනාගැනීමට ඇයට හැකියාව ලැබී ඇත.

පුංචි එනාරා ආ ගමන්මඟේදී ඇය නිරන්තරයෙන් සිහිගැන්වූයේ ඇය ලැබූ ජයග්‍රහණයන් මෙන්ම පරාජයන්ද තමන්ගේ ජීවිතයට අත්දැකීමක් වූ බවය. එමෙන්ම ශූරතාවලදී ඇතිවන යම් යම් බාධා තත්ත්වයන් හමුවේ එම බාධාවන්ට මනස, සිත එකඟ කොටගෙන සියල්ල දරාගනිමින් සියලු අභියෝගයන් හා බාධාවකටම මුහුණ දෙමින් ඉදිරියට ආ බව ඇය අදහස් කළාය. අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවත් ඇය හදාරනුයේ තමන්ගේ ශාරීරික ශක්තිය මෙන්ම මානසික ශක්තිය වර්ධනය කර ගැනීම උදෙසාය. බොහෝ බාධා තත්ත්වයන් හමුවේ සිත් රිදුණු, හඬා වැටුණු අවස්ථා බොහොමයක් වීද මානසිකව ඇදවැටුණු අවස්ථා බොහොමයක් වීද ඒ සියල්ල දරා ගැනීමට ඇයට ශක්තියක් වූයේ තම මවුපියන්ගේ නොමඳ දිරිමත් කිරීම්ය.

එනාරා පැමිණි ගමන් මග වෙනුවෙන් ඇයට සහයෝගය ලබාදෙන ඇගේ පියාණන් හා මව මෙන්ම හිතවත් ආදරණීය ගුරුවරු ඇතුළු සියලු දෙනාට ස්තුති කිරීමටත් ඇය අමතක කළේ නැත. එනාරා පුංචි දියණිය තවදුරටත් අපේක්ෂා කරනුයේ ඕනෑම ක්‍රීඩාවක හෝ ඕනෑම ක්ෂේත්‍රයක දක්ෂතා ඇති, අපේ රටේ ධජය, රටේ නාමය ලෝකයේ ඉහළින්ම ඔසවා තැබීමට හැකි දක්ෂයන් පිළිබඳ අපක්ෂපාතීව සොයාබලා ඔවුන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් මානසික පීඩනයක් ලබානොදී ඔවුන්ගේ දක්ෂතා නිසි ලෙස හඳුනාගෙන ක්‍රීඩාවෙන් ඉවත් වීමට හෝ ක්‍රීඩාව එපාකරවීමට කිසිවක් නොකර ඔවුන්ගේ දක්ෂතා එළිදක්වා ලෝකයට කියා පෑමට සමත් වියයුතු බවය. එමෙන්ම ජාතිය, කුලය, ආගම ආදී කිසිදු භේදයකින් තොරව රට වෙනුවෙන්, රටේ උන්නතිය වෙනුවෙන් දක්ෂයින්ව තෝරා කැපකිරීම් සිදුකරන සියල්ලන්ටම ඇය ඇයගේ ප්‍රණාමය පුදකරනු ලැබීය.
පුංචි එනාරාගේ අනාගත බලාපොරොත්තුව වනුයේ කරාතේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම් දිනාගෙන ලක් මාතාව ඉහළින් ඔසවා තැබීමටයි. ඇගේ බලාපොරොත්තු, ඇගේ විශිෂ්ට දක්ෂතාව හා ඇගේ අතිවිශිෂ්ට ජයග්‍රහණය මුළු ලෝකයටම කියාපෑමට හා ඇය වෙනුවෙන් උපකාර කිරීමට ඔබට හැකිනම් පුංචි එනාරා ලෝකය ජයගත් දින ඇගේ උත්තමාචාරය නිබඳව ඔබට හිමිවනු ඇත. මෙවන් අතිදක්ෂ දරුවන් වෙනුවෙන් ලබාදෙන ඔබගේ උපකාරය නිරන්තරයෙන්ම ඔවුන්ට රුකුලක් වනු ඇති.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

SendShareShare
Previous Post

ගම්මන්පිල අවුරුද්දක් ඇතුළට? VIDEO I Sri Lanka Latest News

Next Post

හිනාවෙවී ලංකාවට බැස්ස පාතාල සෙට් එක දෙකට කඩයි! තුන්දෙනෙක් CIDයට! දෙන්නෙක් අපරාධ කොට්ඨාසයට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.