රට අර්බූදයකට ගොස් ඇති මේ අවස්ථාවේදී කෆීර් යානා අලුත්වැඩියා කිරීමට ඩොලර් මිලියන 55ක ගනුදෙනුවක් සිදු කොට ඇති බව අද පැවැති මාධ්‍ය හමුවකදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය වහාම පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවකි.










