යතුරුපැදිවලින් පැමිණි මුහුණු ආවරණය කරගත් සිව් දෙනකු නිවෙසකට කඩා වැදී 30 හැවිරිදි ව්‍යාපාරිකයකු කපා කොටා ඝාතනය කොට ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ යාපනයේ කෝපායි ප්‍රදේශයේදීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ රවීන්ද්‍රන් අජිත් නමැති ව්‍යාපාරිකයෙකි.
කෝපායි පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.










