කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජනතාව භූමදානය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ඊයේ (03) දිනයේදී පාර්ලිමේන්තුවේ සංවාදයක් මතුවිය.
එහිදී විපක්ෂය වෙනුවෙන් ඒ පිළිබද කතා කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුස්ලීම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දැක්වූවේය.
නමුත් ප්‍රේමදාස මහතාට බාධා කරමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනිමී සදහා කමිටුවක් පත් කොට ඇති බවකි.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරිම පිළිගෙන ඇති බවත්, ආණ්ඩුව එම තීන්දුවට ගරු කළ යුතු බවත්ය.










