සජිත් ප්‍රේමදාස මහතාගේ ‘සමගි ජන බලවේගය’ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරග වැදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (18) දිනයේදී නාමයෝජනා අස්සන් තබනු ලැබීය.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කොලොන්නාව මහනගර සභාවේ නගරාධිපතිවරයා, උප නගරාධිපතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් රැසක් එම අවස්ථාවට එක් කර ගැනීමට මරික්කාර් මහතා පියවර ගෙන තිබීමය.
නව සන්ධානය බිහි කිරීමේදී ආරම්භයේ සිටම සජිත් ප්‍රේමදාස මහතා හට කොළඹ දිස්ත්‍රික්කයෙන් විශාල ශක්තියක් වෙමින් කටයුතු කළ පිරිස අතර මරික්කාර් මහතා ඉදිරියෙන්ම සිටින චරිතයක් ලෙස සැලකේ.










