ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කිරීමට යෝජිත මිලින්ද මොරගොඩ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවට ලිපියක් ඉදිරිපත්ව තිබේ.
ජාතික සංවිධාන එකමුතුවේ ලේකම්වරයා වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් මෙම ලිපිය ඉදිරිපත් කොට ඇත.
එහිදී චෝදනා රැසක් ඉදිරිපත් කර ඇති බණ්ඩාර මහතා මිලින්ද මොරගොඩ මහතා අදාළ පත් කිරීම සඳහා නිර්දේශ නොකරන ලෙස ඉල්ලා තිබේ.
කෙසේවෙතත් මොරගොඩ මහතාට එරෙහිව පළමු අදියරේදී විරෝධතා එල්ල වූ අවස්ථාවේදී ජනපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ රජයේ පත්කිරීම් සම්බන්ධයෙන් බලපෑම් කිරීමට පියවර නොගන්නා ලෙසය.










