• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු කැමැති දේ දෙන්න: ගෝඨා රේඩියෝ ලොක්කන්ට කියයි

May 19, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මිනිස්සු කැමැති දේ දෙන්න: ගෝඨා රේඩියෝ ලොක්කන්ට කියයි
Share on WhatsAppShare on Facebook

‘රාජ්‍ය ආයතන ඔස්සේ දේශපාලනය කිරීමට මා අපේක්ෂා කරන්නේ නැත. කළයුත්තේ ආදායම් ජනනය කිරීම මඟින් ආයතන දියුණු කිරීමයි. ඒ සඳහා කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කර වියදම් සහ නාස්තිය පාලනය කළයුතුයි. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් වෙහෙසී වැඩ කරන ජනතාව උපයන ආදායමින් බැවින් මෙම ආයතන ජනතාවට බරක් නොවිය යුතුයි..” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ.

ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ජාවකදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

එහිදී ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කොට තිබේ.

සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර මහජන සුබසාධන සේවා බැවින් ආදායම් උත්පාදනයක් ඒවායින් අපේක්ෂා නොකරන නමුත් සෙසු ආයතන තමන්ගේ නඩත්තුව සහ සේවක අභිවෘද්ධිය සඳහා අවශ්‍ය ආදායම් තමන්ම උත්පාදනය කළයුතු බව මාගේ දැක්මයි. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා ලෝකයේ සෙසු රටවල සේම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයෙහි බලවත් පරිහානියක් ඇතිව තිබේ. ලක්ෂ සංඛ්‍යාත රැකියා අහිමි වී ඇත. ආයතන ප්‍රධානීන් රට ගැන සිතා වැඩ කළයුතුයි. එසේ නොකළහොත් ආයතන කඩාවැටීමට පවා පිළිවන. මේ අර්බුදය ජය ගැනීමට පමණක් නොව අනාගත ආර්ථික සංවර්ධනය සඳහා ද රාජ්‍ය ආයතන සැලසුම්සහගතව ශක්තිමත් කළ යුතුය.

ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් ක්‍රියාකාරිත්වය සමාලෝචනය කරනු පිණිස සාකච්ඡාව කැඳවා තිබිණ. සිය ශ්‍රාවක ප්‍රජාව කවුරුන්දැයි නිවැරදිව හඳුනාගෙන ඔවුන්ගේ රුචිකත්වයට ගැලපෙන අයුරින් ජනප්‍රිය වැඩසටහන් සම්පාදනය කරන ලෙසත්, නිසි සැලැස්මක් ඇතිව ආදායම් උපයා ගැනීමට කැපවීමෙන් ක්‍රියාකරන ලෙසත්
සංස්ථා ප්‍රධානීන්ට උපදෙස් දුන්නෙමි. ආයතනය පත්ව ඇති තත්ත්වය ගැන සේවකයන් නිරතුරුව දැනුවත් කර තමන් ගැනම නොසිතා ආයතනයේ දියුණුව සඳහා වෙහෙසී වැඩ කිරීමට ඔවුන් පෙළඹවීමට කටයුතු කළ යුතුය.

සංස්ථා සේවකයන්ගේ උපරිම කාර්යක්ෂමතාව සහතික කරන අතර විධිමත් සැලැස්මක් යටතේ ආදායම් වර්ධනයට ගතයුතු පියවර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පැහැදිළි කළේය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ක්‍රිකට් නාඩගමට රොෂාන්ගෙත් විරෝධය

Next Post

ආණ්ඩුවට අමු කැවිලා: ජවිපෙත් ක්‍රීඩාපිටි සටන අතට ගනී (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.