රට විනාශ කරමින්, බංකොලොත් කරමින් දැඩි ලෙස මුල්‍ය වංචා සිදු කළ රාජපක්ෂ පවුල මේ රටේ නැවත නැගිටීමට වත්මන් ජනාධිපතිවරයා ලවා උත්සාහ කරන බවත් මේ ජනාධිපතිවරයා පත් කර ගෙන ඇත්තේ රට ගොඩ නැගීමට නොව රට විනාශ කළ රාජපක්ෂවරු ආරක්ෂා කිරීමට බැවින් මේ ජනතා පීඩන යුගය අවසන් කර ජන හිතකාමී පාලනයක් ඇති කිරීම සඳහා ජනතාව පෙරට පැමිණිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා බටහිර කොළඹ පැවැති රැස්වීමක් අමතමින් පැවසීය.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩපිළිවේලින් පසු මේ රටේ නිවාස ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය සාධනීය වැඩපිළිවෙළක් ඉන්පසු බිහි වූ රජයනට නොතිබූ බවත් යහපාලන රජයේ දී පවා නිවාස කියන කොටස කදුරට, උතුරු නැගෙනහිර, ධීවර, ආපදා ලෙස කොටස්වලට වෙන්කර තිබූ බවත් මෙසේ කෑලි කඩන්නේ රජය ශක්තිමත් කර දේශපාලනඥයන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය මැති ඇමතිකම් ස්ථාපිත කිරීමට බවත් මේ ක්‍රමයේ වෙනසක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යුද ජයග්‍රහනයෙන් පසු රාජපක්ෂ පවුලට තමන්ට හිතු හිතු ආකාරයට හැසිරීමට රාජපක්ෂ පවුලට වරම් ගණනාවක් ලබා දුන්නත් ඒ රාජපක්ෂ පවුල යුද ජයග්‍රහනයෙන් පසු ජනතා විශ්වාසය නැති කර තම පවුල් සංස්ථාව, නැදැ හිතමිතුරන් හා ගජමිතුරන් රැක ගැනීම සඳහා කටයුතු කළ බවත් මෑත ඉතිහාසයේ ගජ මිතුරුවාදය ඉහළින්ම ක්‍රියාත්මක කළේ රාජපක්ෂ පවුල බවත් මේ නිසා රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකරයා පැවසීය.
මේ නිසා කිරිපිටි, ත්‍රිපෝෂ, බෙහෙත් ආදිය හිග වුනත් රට විනාශ කළ රාජපක්ෂ පවුලට කිසිදු දෙයකින් අඩුවක් වී නෙමැති බවත් රාජ මාලිගාවල ඔවුන් සැප විදින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට පාසල් පොත්, බෑග්, සපත්තු මිල ආදිය ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව පාසල් සිසුන් කලන්තය දැමීම සිදු වුවත් රජ පවුල තරු 5 හෝටල්වල ප්‍රිය සම්භාෂණ පවත්වා සතුටින් ඉන්න බවත් තවදුරටත් පැවසීය.