ුද පැවැත්වීමට නියමිත හදිසි නීතිය සම්මත කිරීමේ ජන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට සිටින මන්ත්‍රීවරුන්ගේ නිශ්චිත ප්‍රමාණය රටට හෙළිදරව් වීමට නියමිතය.
ඉකුත් 20 වැනිදා ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පැවැති ජන්ද විමසීමේදී වික්‍රමසිංහ මහතාට ජන්ද 134ක්ද, විපක්ෂයේ පක්ෂ බහුතරයක් සහාය දුන් ඩලස් අලහප්පෙරුම මහතාට ජන්ද 82ක්ද, අනුර දිසානායක මහතාට ජන්ද 3ක්ද හිමිවිය. අවලංගු ජන්ද සංඛ්‍යාව 4ක් විය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවලදී පොහොට්ටුවේ කණ්ඩායම් කිහිපයක්ම ප්‍රසිද්ධියේ කියා සිටියේ ඩලස් අලහප්පෙරුම මහතාට ජන්දය භාවිත කරන බවකි.
ඒ හේතුවෙන් අලහප්පෙරුම මහතාගේ පාරශ්වය කියා සිටියේ ජන්ද 120කට වැඩි ප්‍රමාණයක් ගෙන ඒ මහතා ජනාධිපතිවරයා බවට තේරී පත්වනු ඇති බවකි.
කෙසේවෙතත් රහස් ජන්දයක් වීම හේතුවෙන් අවසානයේදී අලහප්පෙරුම මහතාට ජන්ද 82ක් හිමිවූ අතර පොහොට්ටුව සහාය දුන් වික්‍රමසිංහ මහතාට ජන්ද 134ක් හිමිවිය.
නමුත්දි අද දිනයේදී හදිසි නීතිය සදහා ජන්දය විමසන්නේ ප්‍රසිද්ධියේ බැවින් එහිදී නිශ්චිතවම ආණ්ඩුව සමග මන්ත්‍රීවරුන් කී දෙනෙක් සිටින්නේද සහ විපක්ෂය සමග මන්ත්‍රීවරුන් කී දෙනෙක් සිටින්නේද යන්න පැහැදිලිවම දැකබලාගැනීමට පුලුවන.