අභ්‍යන්තර මතගැටුම් හේතුවෙන් මේ වනවිට අධිකරණ ක්‍රියාවලින් වෙත යොමුවී ඇති දේශපාලන පක්ෂ හයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ එම පක්ෂවල ලේකම්, සභාපති ධූර ඇතුලු තනතුරු සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු ඉදිරිපත්වීම හමුවේ ගැටළු මතුවීම මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීමට හේතුවී ඇති බවයි.
ඒ අනුව අධිකරණ කටයුතු අවසන් වනතුරු එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත් වීමේ අවස්ථාවද හිමි නොවන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.










