මාලිමාවේ ජයග්‍රහණය රටට ඉදිරියේදී කුමන ප්‍රතිඵල ගෙන ආවත් එම ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් බව අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. ඒකට විශේෂිතම හේතුව තමයි මාලිමාවට හැකියාව ලැබුණා උතුර වගේම කඳුකරයත් ජයගන්න. විශේෂයෙන්ම උතුර ජයගැනීම 60-70 දශකවලින් පස්සේ මේ සිංහල බෞද්ධ ප්‍රදේශවල ඇතිවෙච්ච ප්‍රධාන පක්ෂයක් උතුර ජයග්‍රහණය කළේ මේ පළමු වතාවට. ඒක නිසා එම ජයග්‍රහණය අතිවිශේෂයි. මේ හේතුවම ඇති මාලිමාවට මෙම ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සමරන්න. එම ජයග්‍රහණයට හේතුව විදියට වෙනත් සාධක තිබුණත්, විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය වුණා සිංහල පක්ෂයක් මෙම ප්‍රදේශයේ ජයග්‍රහණය කරවලා ඔවුන්ගේ ඉල්ලීම් ලබාගන්න. (Sri Lanka Latest News)
උතුරේ ජීවත් වෙන සියලු පවුල්, නැගෙනහිර ජීවත් වෙන පවුල්, යුරෝපයේ සහ බටහිර ලෝකයේ රටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාවත් සමග ඍජු සම්බන්ධතා පවත්වනවා. ඒ වගේම මෙම පවුල් එම රටවල ජීවත් වෙන ඥාතීන් මත තමයි බොහෝ විට යැපෙන්නේ. ඒ අනුව විශාල බලපෑමක් කිරීමේ හැකියාව තිබෙනවා එම පිරිසට ලංකාවේ මහ මැතිවරණය සම්බන්ධයෙන්. ඒක තමයි ඇත්ත වශයෙන්ම සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ කොහොම වුණත් මාලිමාව මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමට එම තත්ත්වය කළමනාකරණය කරගැනීම අතිවිශේෂ තත්ත්වයක්.
මාලිමාව හැරුණු විට අනෙක් පක්ෂවලට ඒකාබද්ධ පෙරමුණක් විදියට ඉදිරිපත් වීමට නොහැකි වීම ඔවුන්ගේ පරාජයට හේතු වුණා. මහජනතාව දුටු ආකාරයට මාලිමාවේ තිබෙන ඒ ශක්තිමත් බව අනෙක් පක්ෂවල තිබුණේ නැහැ. ඔවුන් විසිරිලා ගිහින් තිබුණේ. කවුරු කුමන පක්ෂය නියෝජනය කරනවාද කියන එක ගැන පවා ජනතාවට අවබෝධයක් තිබුණේ නැහැ. ඒක තමයි බලපෑවේ ප්‍රධාන වශයෙන්ම මෙවර ඡන්ද හය ලක්ෂය ඉක්මවා ප්‍රතික්ෂේප වීමට පවා. පොදුජන පෙරමුණ බෙදිලා තිබුණේ. සමගි ජන බලවේගය බෙදිලා තිබුණේ. සරත් ෆොන්සේකා වගේ අය වෙන වෙනම පෙනී සිටියේ. ඒ පක්ෂය ඇතුළේ ගැටුම් තිබෙන බව පෙනෙන්න තිබුණා. රාජිත සේනාරත්න වගේ අය පසුව රනිල්ට සම්බන්ධ වුණා. සෑම පක්ෂයකම මේ වගේ බෙදීම් තිබුණා. ඒවා ජනතාව දැක්කා. ඒ දැකීම නිසා මේ පක්ෂ දුර්වල බව, ඔවුන් බෙදිලා තිබෙන බව තමයි එළියට පෙනුණු පින්තූරය. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කැබැලිවලට බෙදිලා ගිහිල්ලා තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ දුර්වල තැනකට ඡන්දය දෙන්න මහජනතාව කීයටවත් තීරණය කරන්නේ නෑ මේක තමයි ප්‍රශ්නය වුණේ. මැතිවරණවලදී ශක්තිමත් පාර්ශ්වය වටා තමයි බලය ඒකරාශී වෙන්නේ. ශක්තිමත් පාර්ශ්වයකට තමයි තමන් වෙනුවෙන් පෙනීසිටින්න පුළුවන් කියලා මහජනතාව කල්පනා කරන්නේ.
මේ සියල්ල වෙනස් කළ හැකි ඉරණම්කාරී තීන්දුවක් ගැනීමට මාලිමාව හැර අනෙක් පරාජිත දේශපාලන පක්ෂ අසමත් වුණා. ඒ තමයි බැසිල් රාජපක්ෂ විසින් යෝජනා කරපු තීන්දුව. ඔහු යෝජනා කළා ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයකට යෑමේ අවශ්‍යතාව. නමුත් රනිල් වික්‍රමසිංහ ඒක පිළිගත්තේ නැහැ. රනිල් වික්‍රමසිංහ හිතුවා ඔහුට තනියම ගිහිල්ලා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. එහෙම බැරි වුණොත් ඔහු කල්පනා කළා ඊළඟ විකල්පය විදියට අනුරට ජයගන්න ඉඩ දීලා ඔහුගේ පරම සතුරා වූ සජිත් ප්‍රේමදාස පරාජය වීමට ඉඩ හැරීමට. මේක තමයි රනිල්ගේ උපක්‍රමය වුණේ. එක්කෝ ඔහු තනිවම ජයග්‍රහණය කරනවා, එහෙම නැත්නම් ඒ ජයග්‍රහණය වෙනත් කාටවත් නොදී, විශේෂයෙන්ම සජිත්ට නොදී අනුරට ලබාගන්න ඉඩ හරිනවා. ඒ සඳහා තමයි ඔහු තරග කරන්න තීරණය කළේ.
හැබැයි මේ තත්ත්වය පොදුජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ සමග එකතු වෙච්ච අය පවා අවබෝධ කරගත්තේ නැහැ.
ඡන්දයක් කිරීම සඳහා විශාල මුදල් සම්භාරයක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් මහාපරිමාණ රැස්වීමක් සංවිධාන කිරීමට රුපියල් කෝටි එකහමාරක්වත් දරන්න සිදුවෙනවා. නමුත් එවැනි වියදමක් දැරීමට මාලිමාව හැර අනෙක් සියලු පක්ෂ අසමත් වුණා. ඊට අමතරව ගෙන්ගෙට යෑම වැනි සෙසු මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙනත් කිසිම පක්ෂයකට තිබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහට කිසියම් ආකාරයකින් මුදල් තිබුණා. මේකත් බලපෑවා මාලිමාවේ ජයග්‍රහණයට සහ සෙසු පක්ෂවල පරාජය සඳහා. විශේෂයෙන්ම පොදුජන පෙරමුණට මුදල් තිබුණේ නැහැ ප්‍රචාරක කටයුතු සඳහා. ලංකාවේ මැතිවරණ ක්‍රමයට අනුව වැඩිපුර මුදල් වැයකරනවා නම්, වැඩිපුර ජයග්‍රහණ ලබාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි යථාර්ථය.
මේ සියලු තත්ත්වයන් මැද මාලිමාව විසින් නිරන්තරව පතුරුවා හැරපු බොරුව සමාජගත වුණා. ඒක ස්ථාපිත වුණා. ඊට අමතරව මාලිමාවට ඒ බොරුව මතින් ශක්තිමත් තනි දේශපාලන පෙරමුණක් විදියට ජනතාව ඉදිරියේ පෙනීසිටීමේ හැකියාව ලැබුණා. මේ තත්ත්වය තමයි මාලිමාවේ ජයග්‍රහණයට හේතු වුණේ.
Sri Lanka Latest News යූටියුබ් නාලිකාවෙනි










