• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර්තු අපලය: බොන්ඩ් සහ කොවිඩ් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 9, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
මාර්තු අපලය: බොන්ඩ් සහ කොවිඩ් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2015 මාර්තුවයි 2020 මාර්තුවයි අතර අරුම පුදුම සමානකමක් තිබේ. 2015 ජනවාරි බලයට ආ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ඔළුවටම ගහපු බොන්ඞ් වංචාව නොහොත් බැඳුම්කර වංචාව සිදු වූයේ 2015 පෙබරවාරි 17 වුණාට බොන්ඞ් වංචාවෙන් රටම ගිනි ගත්තේ 2015 මාර්තු මාසයේය. මහ බැංකු මංකොල්ලය නමින් බැඳුම්කර වංචාව එවකට විපක්‍ෂය වූ රාජපක්‍ෂලාගේ විපක්‍ෂය රටට ගෙන ගියේ 2015 මාර්තු මාසයේය. එතැන් පටන් මහ මැතිවරණය දක්වා රටේ ප්‍රධාන මාතෘකාව වූයේ බොන්ඞ් වංචාවය.
2015 මෛත්‍රි – රනිල් සන්ධානය බලයට ආවේ රාජපක්‍ෂලා හොරු කියාගෙනය. 2009 යුද්ධය දිනලා රටම වසඟයට පත් රාජපක්‍ෂලාව මෛත්‍රි – රනිල් සන්ධානය ජනතාවට එපා කෙරෙව්වේ රාජපක්‍ෂලාගේ හොරකම් ගැන කියලාය. බැසිල්ගේ 10% කොමිස්, නාමල්ලාගේ, යෝෂිතලාගේ බැංකු ගිණුම්, ගෝඨාභයගේ මිග් වංචාව, ශිරන්තිගේ සහෝදරයාගේ එයාර් ලංකා වංචාව වැනි වංචා සිය ගණනක් පෙන්වා මෛත්‍රි – රනිල් සන්ධානය රාජපක්‍ෂලා කම්බා හොරු ලෙස හංවඩු ගැසීය. ඒ වංචා ඇත්ත බව මිනිසුන්ට තේරුම් ගියේ ශ්‍රීලනිපයේ ලේකම් මෛත්‍රිපාල රාජපක්‍ෂලාගේ වංචාවලට එරෙහිව ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ නිසාය. ඔහු රාජපක්‍ෂ පවුලේ රත්තරන් අශ්වයෝ ගැන පණ පිහිටුවා කීවේය. යුද්ධය දිනපු රාජපක්‍ෂලාව මිනිසුන්ට එපා විය.
තමන්ව මිනිස්සු බලයට ගෙන ආවේ රාජපක්‍ෂලාගේ හොරකම් රස කර කී නිසා බව මෛත්‍රි – රනිල් සන්ධානය තේරුම් ගත්හ. රාජපක්‍ෂලාගේ හොරකම් ඔප්පු කර දඬුවම් දුන්නේ නැතිනම් තමන්ට යන එන මං නැති බව ඔවුන්ට දැනුණි. එෆ්.සී.අයි.ඩී. එක පටන් අරගෙන මෛත්‍රි – රනිල් ආණ්ඩුව රාජපක්‍ෂලා පසුපස පන්නන්න පටන් ගත්තේ බලයට ආ දින පටන්ය. රාජපක්‍ෂලා හංගපු රත්තරන් හොයන්න හම්බන්තොට වතු හාරන්න පටන් ගත්තේය. ඩුබායිහී විදේශ බැංකු ගිණුම් හොයන්න මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් පිටත් කර හැරීය. මෙලෙස රාජපක්‍ෂලාට දැල එළන්න පටන් ගත්තා පමණි. මාස දෙකක්වත් ගියේ නැත. මහ බැංකුවේ බැඳුම්කර වංචාව එළියට ආවේය. මහා වංචාවක් සිදුවී ඇති බවට ජනාධිපති මෛත්‍රිත්, ඔහුගේ ශ්‍රීල.නි.ප. ඇමැතිවරුත්, එ.ජා.පයේම ඇතැම් ඇමැතිවරුත් එළිපිටම පිළිගත්ත නිසා රනිල්ගේ ආණ්ඩුව කරකවලා අත හැරියේය. රාජපක්‍ෂලාට හොරු කිය කියා හිටි රනිල්ගේ ආණ්ඩුව ලෝක ඉතිහාසයෙන් පළමුවරට මහ බැංකුවක් මංකොල්ල කාපු ආණ්ඩුව ලෙස රාජපක්‍ෂවරුන්ගේ ඒකාබද්ධ විපක්‍ෂය හංවඩු ගසනු ලැබීය. වැඩි කලක් ගියේ නැත. විපක්‍ෂයේ බැඳුම්කර ප්‍රචාරක ව්‍යාපාරය කොතරම්ද කියනවා නම් මේ ආණ්ඩුවේ ඉන්නේ රාජපක්‍ෂලාට වඩා හොරු යැයි මිනිස්සු හිතන්න පටන් ගත්හ. 2015 මහ මැතිවරණය ආවේ මේ අතරමැදය. ඇත්තටම මහ මැතිවරණය තියන්න මෛත්‍රි පොරොන්දු වෙලා හිටියේ දින 100ක් තුළය. රනිල්ගේ එජාපයට බහුතර බලයක් එයි කියල බයේ මෛත්‍රි ඡන්දය දින 100න් තිබ්බේ නැත. දින 100න් ඡන්දයට නොයන ලෙස මෛත්‍රිට ලණු දුන්නේ රාජපක්‍ෂලා මෛත්‍රි වටේට යොදවා තිබූ ඔත්තුකරුවන් හරහාය. ඔවුන් මෛත්‍රිට කීවේ වේලාව ආවම රනිල්ගේ ආණ්ඩුව පන්නලා ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න රනිල්ට බහුතරය ගන්න දෙන්න එපා කියාය. මෛත්‍රිත් මේ ලණුව කෑවේය. ශ්‍රීලනිපය තුළ රාජපක්‍ෂලාට තියෙන ජනප්‍රියතාව බිඳින්න නම් වේලාව ආවාම රනිල්ගේ ආණ්ඩුව පන්නා රාජපක්‍ෂ නොවන අයෙක් අගමැති කොට ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තු සංයුතිය තමන්ට අවශ්‍ය පරිදි සකස් කරගත යුතු යැයි ඔහු හිතුවේය. බැඳුම්කර වංචාවෙන් රනිල්ගේ ආණ්ඩුවට ඇති තරම් මඩ ගාගෙන මඩ නාගන්න ඉඩ දී ඔහු ඡන්දය 2015 අගෝස්තු මාසය තෙක් ඇද්දේය.
ඇත්තටම ඡන්දය දින 100න් තිබ්බා නම් එජාපය ආසන 130කට වැඩිය ගන්නා බව ෂුවර්ය. බැඳුම්කර චෝදනාව ආවේ නැත්නම් ඡන්දය අගෝස්තුවේ තිබ්බත් එජාපය ආසන 125කට වඩා ගන්න බව ෂුවර්ය. 2015 මාර්තුවේ කරළියට ආ බැඳුම්කර අපලය නිසා එජාපය මහ මැතිවරණය දින්නත් බහුතර බලයක් නොලැබිණි.
ගෝඨාභය 2019 ජනාධිපතිවරණය දිනන්න ප්‍රධානතම හේතුව වූයේ පාස්කු බෝම්බ ප්‍රහාරයය. ඊට කලින් සිටම මෛත්‍රි සහ රනිල්ගේ ගැටුම් හේතු කොට ආණ්ඩුව ගැන විශාල අප්‍රසාදයක් රට පුරා තිබුණත් ආණ්ඩුව පුපුරා ගියේ පාස්කු බෝම්බය නිසාය. බැඳුම්කරයෙන් ඔත්පළ වී සිටි ආණ්ඩුව නමැති ලෙඩා අවසන් හුස්ම හෙළුවේ පාස්කු බෝම්බයෙනි.
පාස්කු බෝම්බයෙන් රටේ මිනිසුන්ට දැනුණේ අනාරක්‍ෂිත බවය. මිනිසුන්ට ජීවිත ආරක්‍ෂාව ප්‍රශ්නයක් විය. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරක්‍ෂාව ප්‍රශ්නයක් විය. එය තදින්ම දැනුණේ සංචාරක ව්‍යාපාරයටය. ඇත්තටම සංචාරක ව්‍යාපාරය දියුණු වුණේ මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේය. ඔවුන් හදපු සංචාරක ව්‍යාපාරයම ඔවුන්ගේ ආණ්ඩුව යටතේ බෝම්බයෙන් කඩාගෙන වැටුණි. මිනිසුන්ටත්, ව්‍යාපාරිකයන්ටත් එක සේ ආර්ථික අනාරක්‍ෂිත බව දැනුණි. යුද්ධයෙන් පසු ප්‍රථමවරට ඇඳිරි නීතිය පැනවුණි.
මෙවැනි පරිසරයක ගෝඨාභය මතු වුණේ ජනතාවගේ ආරක්‍ෂකයා ලෙසය. ඔහු ජනාධිපති වුණොත් අපේ ජීවිතත්, අපේ රස්සාත්, අපේ ව්‍යාපාරත් යන හැම දෙයක්ම සුරක්‍ෂිත යැයි මිනිස්සු සිතූහ. ගෝඨාභය දින්න විගස ඡන්දයට යන්න හැදුවත් ඔහුට පෙබරවාරි අගතෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බලා සිටීමට සිදු විය. මේ කාලය තුළ ගෝඨාගේ ආණ්ඩුව ගැන මිනිස්සු තුළ තිබූ උන්මාදය අඩු වෙන්න පටන් ගෙන තිබිණි. ප්‍රධානතම හේතුව ගෝඨාභයට දිනන්න පාර කපපු බැඳුම්කර වංචාව සහ පාස්කු බෝම්බ ප්‍රහාරයට වැරැදිකරුවන් යැයි චෝදනා එල්ල කළ අයට එරෙහි චෝදනා ඔප්පු කර ගැනීමට ගෝඨාභයගේ ආණ්ඩුව අසමත් වීමය. දෙවැන්න දුන්න පොරොන්දු ඉටු නොකිරීමත්, පරණ කුණු වූ මුහුණුම ආණ්ඩුව නියෝජනය කිරීමත්ය. ඒත් ඒ වේලාවේ ඡන්දයකට ගියා නම් පොදුජන පෙරමුණ ආසන 130කට වඩා ගන්නවා ෂුවර්ය. තුනෙන් දෙක බැරි වුණත් ඒ ළඟට යන්න පුළුවන් ජනප්‍රියතාවක් තිබිණි.
මේ බව දැන ගෝඨාභය පෙබරවාරි අග පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. නාම යෝජනා භාර ගැනීම පටන් ගැනුණි. ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ හරියටම මාර්තු දෙවැනි සතියේය. රටම කොරෝනා මර බයෙන් වෙව්ලන්න පටන් ගැනිණි. කොරෝනාව පාස්කු බෝම්බයටත් වඩා භයානක විය. කොරෝනාවෙන් ආරක්‍ෂා වෙන්න කියා ඇඳිරි නීතිය පනවා රටම වසනු ලැබීය. මිනිස්සු හිතුවේ රට යළි අරිනවා කී අප්‍රේල් 19 වන විට කොරෝනා ඉවර වී තියේ යැයි කියාය. ආණ්ඩුවත්, ආණ්ඩුවට කඩේ යන මාධ්‍යයත් කීවේ එසේය. මිනිස්සු තම ජීවිත, රස්සා, ව්‍යාපාර සියල්ල කැප කර ඉවසාගෙන සිටියහ. ඒත් කොරෝනා අඩු වූයේ නැත. ඇඳිරි නීතිය තවත් දික් කරනු ලැබීය. මිනිසුන්ගේ රස්සා අනාරක්‍ෂිත විය. වැටුප් කපා තිබිණි. ව්‍යාපාර වැටී තිබිණි. සංචාරක ව්‍යාපාරය බිමටම සමතළා වී ඇත.
පාස්කු ප්‍රහාරයෙන් දින 10කට පසු ප්‍රහාරයට ලක් වූ හෝටල් සියල්ල යළි විවෘත විය. සංචාරක ව්‍යාපාරය යළි පණ ගහලා එන ලකුණු පෙන්වීය. කොරෝනා නිසා ලංකාවේ සංචාරක ව්‍යාපාරය අතුරුදන් වන ලකුණු පහළ වී ඇත. පාස්කු ප්‍රහාරය වේලාවේ තිබුණේ ජීවිත අනාරක්‍ෂිත බවකි. අද තිබෙන්නේ සෞඛ්‍යය අනාරක්‍ෂිත බව නිසා ජීවිත අනාරක්‍ෂිත බවකි. පාස්කු ප්‍රහාරයේදී රස්සා, ව්‍යාපාර අනාරක්‍ෂිත වේ යැයි මිනිසුන්ට බයක් තිබිණි. අද හැම දෙයක්ම අනාරක්‍ෂිත වී ඇත. පාස්කු ප්‍රහාරයෙන් ඩොලරය ඉහළ ගියේ 0.2%ක ප්‍රතිශතයකිනි. 175ට තිබුණු ඩොලරය 175.80ක් විය. කොරෝනාවෙන් 182ට තිබුණු ඩොලරය 200 දක්වා නැග්ගේය. දැන් රටම ඉන්නේ බය බිරාන්ත වෙලාය.
ආණ්ඩුවට කොරෝනාව නිසා ඡන්ද සිතියමත් අකුළා ගන්න සිදුවිය. එදා අද ආණ්ඩුවේ සිටිනා රාජපක්‍ෂලාගේ ඉත්තෝ එජාපයට පාර්ලිමේන්තු බහුතරයක් ලැබීම වළක්වන්න මෛත්‍රිපාලට ලණු දී ඡන්දය අගෝස්තුවලට කල්දමා ගත්හ. අද ඒ ඉත්තන්ගේ ආණ්ඩුවටම ඡන්දය තියන්න දිනයක් හොයා ගන්න නොහැකි වී ඇත.
රාජපක්‍ෂලාට හොරු කියාගෙන බලයට ආ මෛත්‍රි – රනිල් ආණ්ඩුවට මාර්තුවේ බැඳුම්කරය නිසා ලෝකේ ලොකුම හොරා කියන හංවඩු වැදුණි. මෛත්‍රි – රනිල් ආණ්ඩුව පාස්කු ප්‍රහාරයෙන් රට අනාරක්‍ෂිත කළාය කියාගෙන බලයට ආ රාජපක්‍ෂවරුන්ට එයිටත් වඩා සිය දහස් ගුණයකින් කොරෝනාවෙන් රටම අනාරක්‍ෂිත කිරීමේ හංවඩුව වැදී ඇත. එදා මෛත්‍රි – රනිල් ආණ්ඩුව පාස්කු බෝම්බ ත්‍රස්තවාදීන් මර්දනය කරද්දී ඔය බොරු තවත් ත්‍රස්තවාදීන් ඉන්නවා යැයි එවකට රාජපක්‍ෂවාදී විපක්‍ෂය කෑ මොර දුන්හ. අද ගෝඨාභයගේ ආණ්ඩුව කොරෝනා මර්දනය කරද්දී ඔය බොරු කොරෝනා ආසාදිතයන් තව ඉන්නවා යැයි අද විපක්‍ෂයේ ඉන්නා එදා මැති ඇමැතිකම් කළ අය කෑ මොර දෙයි.
‘හොඳට තිබුණු රටක්
අපි වැටිච්ච තැනක්’

මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට පසු රාජපක්‍ෂවාදීන් ගහපු පදයය. අද රාජපක්‍ෂ ආණ්ඩුව රජයේ සේවකයන්ගෙන් සල්ලි හිඟනවා කියමින් විපක්‍ෂය ගහන්නේත් මේ පදයමය. කොහොම වුණත් මාර්තු අපලය දෙගොල්ලන්ටම පඩිසන් දී ඇත්තේ පුදුම හිතෙන විදියටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට එමිරේට්ස් ස්කයිකාර්ගෝ වෙතින් සහාය

Next Post

කොමර්ෂල් බැංකුවේ ජංගම මුදල් සේවාව ස්ථාන 650ක් ආවරණය කරයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.