සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම පිළිබදව අද මාධ්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය.
එහිදී අමාත්‍යවරයා ඊට පිළිතුරු නොදී මග හැර යන ආකාරයක් දැකගත හැකි විය.
කෙසේවෙතත් මාධ්‍යවේදීන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍යවරයාට කේන්ති ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණ.










