• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද අලුත් හයිවේ එකේ ගිහින් බලයි (PHOTOS)

June 20, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
මහින්ද අලුත් හයිවේ එකේ ගිහින් බලයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

උතුරු- මධ්‍යම අධිවේගි මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනම් කරන ලෙස එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන කොන්ත්‍රාත් සමාගම්වලට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසි ලෙස ඉටු නොවන බවට ලැබුණු පැමිණිලි මත එම ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වූ අවස්ථාවේදි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අධිවේගි මාර්ගයේ මීරිගම සිට රිලවුලුව කොටසේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරන ICC ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ද අග්‍රාමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

උතුරු-මධ්‍යම අධිවේගි මාර්ගයේ ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ කේ. එච්. එම්. ඒ. කේ. කෙහෙල්ඇල්ල මහතා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයට දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් පවසා සිටියේ මංතීරු හතරක් හා අන්තර් හුවමාරු මධ්‍යස්ථාන හයක් සහිතව ඉදිකිරීම් ඇරඹුණ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා මාස 30 ක කොන්ත්‍රාත් කාලයක් ලබාදී ඇති බවයි.

නිසි පරිදි ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව කොන්ත්‍රාත් ලබාදීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වී ඇති බවත් පැකේජ හතරක් යටතේ දේශීය ඉදිකිරීම් ආයතන සඳහා කොන්ත්‍රාත් ලබා දී ඇති අතර ඉන් සමහරක් ඉදිකිරීම් ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා අග්‍රාමාත්‍යවරයා වෙත සඳහන් කර සිටියේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් දෙවැනි අදියරට අයත් වන අතර දේශීය ඉදිකිරිම් සමාගම් සදහා මෙම කොටසේ ඉදිකිරීම් භාරදි ඇති අතර ගිවිසුම් ප්‍රකාරව නියමිත කලට මධ්‍යම අධීවේගී මාර්ගයේ ඉදිකිරිම් සිදුව නොමැති බවද ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.

සමහර ඉදිකිරීම් සමාගම් අත්තිකාරම් මුදලට අදාලව හෝ ඉදිකිරිම් අවසන් කර නැති බවත් දිගින් දිගටම හේතු දක්වමින් ඉදිකිරීම් අවසන් කිරීමේ කාලය දීර්ඝකර ගැනීමට පියවර ගෙන ඇති බවත් ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ කේ. එච්. එම්. ඒ. කේ. කෙහෙල්ඇල්ල මහතා සඳහන් කළේය.

රිලවුලුව සිට රංගල්ලෙපොල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගමේ ඉදිකිරීම්වල ප්‍රගතිය සියයට 69ක් වන අතර එම කොටසේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා එහිදී එම කොටසේ ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගමේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දුන්නේය.

මීරිගම – රිලෝළුව කොටසේ ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගමේ ඉදිකිරිම්වල ප්‍රගතිය සියයට 94ක් ද, රංගල්ලෙපොල – මඩිතියවෙල කොටසේ ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගමේ ඉදිකිරීම්වල ප්‍රගතිය සියයට 81.70ක් ද, මඩිතියවෙල – කුරුණෑගල කොටසේ ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගමේ ඉදිකිරීම්වල ප්‍රගතිය සියයට 91.34ක් ද වන බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා සමහර ඉදිකිරීම් සමාගම් සිය ඉදිකිරීම් අවසන් කිරිමට ආසන්න වුවත්, ඇතැම් සමාගම් වල මන්දගාමී ක්‍රියා පිළිවෙත හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස විවෘත කිරීමට තවත් වසර එකහමාරක පමණ කාලයක් ගත වන බවද ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයාව සිටි සමයේ අධිවේගී මාර්ග සංකල්පය ක්‍රියාවට නැංවූ අතර මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කළ අතර මාස 30ක කොන්ත්‍රාත්තුවක් ලෙස ඇරඹි මෙම අධීවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලසුම් අනුව නියමිත පරිදි අවසන් වූවා නම් 2019 ජුලි මාසය වන විට මෙම අධීවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට හැකියාව තිබුණු බවද ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ඇතැම් සමාගම් වල වැඩ දුර්වලයි.ඇතැම් සමාගම් හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරලා තිබෙනවා .පසුගිය ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැතුව බංකො‍ළොත් කරපු නිසා ඇතැම් සමාගම් වල ඉදිකිරීම් කටයුතු නැවතිලා තිබෙනවා.ඔවුන්ගේ ව්‍යාපෘති වලට අදාළ මුදල් අපි ලබාදුන් පසුව නැවතත් එම සමාගම් වැඩ ටික පටන් ගනියි. ඒ සම්බන්ධයෙන් අපි කඩිනම් පියවර ගන්නවා. මේ හැම ව්‍යාපෘතියක්ම මම මුල්ගල තියලා ආරම්භ කළේ. පසුගිය ආණ්ඩුවෙන් මේ ව්‍යාපෘතියේ වැඩ පටන් ගත්තා . නමුත් අපේ ආණ්ඩුවක් තිබුණා නම් මේ වෙනකොට අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වල වැඩ අවසන් කරලා ජනතා අයිතියටත් පත් කරලා. පුළුවන් තරම් ඉක්මණින් මෙහි වැඩ අවසන් කරලා ජනතා අයිතියට පත් කරන්න අපි කටයුතු කරනවා.”

මෙම අවස්ථාවට මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා,උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත් සමාගම් වල නිලධාරීන් ද එක් වූහ.

SendShareShare
Previous Post

මහින්ද බාග්ලේ හමුවෙයි

Next Post

මහින්දානන්දව ප්‍රතික්ෂේප කරන්න: මාලිංගගෙන් කනේ පාරක් (VIDEO)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.