ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තවත් දෙදෙනකුට කැනේඩියානු රජය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස්වරයා අද (11) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.
1983 සිට 2009 වසර දක්වා කාලය තුළ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය සම්බාධක පනවනු ලැබින.
ඔවුන්ට කැනඩාවේ වත්කම් ඇතොත් එම වත්කම් අත්හිටුවන බවත් කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය ප්‍රකාශ කර ඇත.










