මහලොකුවට සමහරු අද තමන් හෙල්මට් නොමැතිව පුත්තලමේ යතුරුපැදියක නැගී මැතිවරණ ව්‍යපාරය සිදුකිරීම සම්බන්ධයෙන් දොස් නැගුවද තමන් එය වැරැද්දක් බව නොදැන සිටි බව පුත්තලම දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ එය වැරැද්දක් නම් ඊට දඩය වශයෙන් වූ රුපියල් 500ක මුදල ගෙවීමට තමන් සූදානම් බවකි.
කෙසේවෙතත් හිස්වැසුම් නොමැතිව යතුරුපැදිවල නැගී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සනත් නිශාන්ත මහතා පසුගිය දිනෙක ප්‍රචාරක කටයුතු සිදු කර තිබූ අතර ඒ සමිබන්ධයෙන් විශාල විරෝධයක් පසුගිය සතියේ එල්ල වී තිබිණ.










