දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද (26) දිනයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමඟ නිල වශයෙන් එක්වී තිබේ.
අද උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අනාවරණය කර ඇත.
අද දිනය සමගි ජනබලවේගයේ නව දේශපාලන ප්‍රවාහයට වැදගත් දිනයක් බවත් පවසා ඇති ඒ මහතා, මෙම සන්ධානයේ පක්ෂ තුනේම නායකයින්ගේ හා සෙසු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය මත මෙලෙස සහය පළ කර සිටි බවත් පවසා තිබේ.
දමිළ ප්‍රගතිශීලි සන්ධානයට පක්ෂ 3 ක් අයත් වන අතර පලනි දිගම්බරම්ගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික පෙරමුණ, රාධා ක්‍රිෂ්ණන් මහතාගේ නායකත්වයෙන් යුත් කදුරට ජනතා පෙරමුණ හා මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඒ අතර වෙයි.










