පාර්ලිමේන්තු අතුරු මාර්ග දෙපස නිවාස වල පදිංචි ජනතාව අද (6)පස්වරුවේ කොසු ඉදල් තබාගෙන මන්ත්‍රීවරුන්ට පහර දීම සඳහා රැකවල්ලා සිටින අයුරු දැකගත හැකි විය.
නිවාස වලින් එළියට පැමිණි පිරිමි මෙන්ම කාන්තාවෝ ද අතුරු මාර්ග දෙපස තැන තැන රංචු ගැසී සිටියහ.
ඔවුන් පාරේ යන සාමාන්‍ය වාහන වලට ද එබී බලමින් මන්ත්‍රීවරුන් සිටිත්දැයි විමසා බලන අයුරු දැකගත හැකි විය.










