කොරෝනා නීති උල්ලංඝනය කරමින් පැවැති මංගල උත්සවයකට පැමිණ ඇති පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම මංගල උත්සවය අත්හිටූවීමට පියවර ගෙන ඇත.
මෙහිදී මනාලයාගේ ගෙලෙන් අල්ලා ඉවතට ඇද දමන පොලිසිය එහි සිටි අමුත්තන්ටද පොලුවලින් පහර දී එලවන ආකාරයක් දැකගත හැකි විය.
අවසානයේදී මංගල යුවලේ එක් පාර්ශ්වයක වැඩිහිටියකු අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පියවර ගත්තේය.
පසුගිය දිනෙක ඉන්දියාවේ මෙය සිදුව තිබිණ.










