• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මංගලගෙන් ජනපතිට බරපතළ අනතුරු ඇඟවීමක්

April 29, 2020
in Exclusive
Reading Time: 8 mins read
A A
මංගලගෙන් ජනපතිට බරපතළ අනතුරු ඇඟවීමක්
Share on WhatsAppShare on Facebook

උදාවී ඇති තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.

2020 අපේ‍්‍රල් 30 වන දිනෙන් පසු රාජ්‍ය සේවයට වැටුප් ගෙවීම ඇතුළුව අත්‍යවශ්‍ය වියදම් නීත්‍යනුකූලව හා ව්‍යවස්ථානුකූලව අනුමත කිරීම සඳහා මෙය අත්‍යවශ්‍ය බවත් ඔහු එමඟින් දන්වා ඇත.

ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම භාණ්ඩාගාර ලේකම් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට  ප්‍රතිඥා දී ඇති බවත් හිටපු අමාත්‍ය මංගල සමාරවීර සිය ලිපිය හරහා සිහිපත් කරයි.

අග්‍රාමාත්‍ය වෙත සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් හට පිටපත් සහිත ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

28.04.2020

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා

ජනාධිපති කාර්යාලය

කොළඹ 01.

හිතවත් ජනාධිපතිතුමනි,

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් කරන ඉල්ලීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් 2020.04.30 දින දක්වා දැරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් මා ඔබට මෙම ලිපිය ලියමි.

2. ජනපතිවරණයක් පැවත්වෙන වසරවල දී ජයග්‍රහණය කරන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුව අය-වැයක් ඉදිරිපත් කිරීමට අවස්ථා සලසමින් අය-වැයක් සම්මත කිරීමෙන් බලයේ සිටි රජයන් වැළකී සිට ඇත.

3. 2019.11.16 වන දින ජනාධිපති මැතිවරණය පැවැත්වීමට යොදා තිබු බැවින් 2020 සඳහා විසර්ජන පනතක් සම්මත කර ගැනීම සුදුසු නොවන බව එවකට පැවති රජයේ අදහස විය.. ඒ අනුව එවකට පැවති රජය, 2020 ජනවාරි 01වන දින සිට 2020 අප්‍රේල් 30 දක්වා මාස 4 කට බල පැවැත්වෙන පරිදි අතුරු සම්මත ගිණුමක් (Vote on Account) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2019 ඔක්තෝම්බර් 23 දින සම්මත කර ගන්නා ලදී.  

4. ඔබ රජය 2019 නොවැම්බර් මස බලයට පත්වී මාස තුනකට වැඩි කාලයක් ගතවූවද ඔබගේ මුදල් අමාත්‍යවරයා 2020 වසර සඳහා අය-වැයක් ඉදිරිපත් නොකළේය. 2014 වසරේ ද ජනපතිවරණයක් අභියස වූ හෙයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් 2015 වසර සඳහා අය-වැය ඉදිරිපත් නොකරන ලදී. ඒ අනුව ජනවාරි 08, 2015 ජනපතිවරණය ජයග්‍රහණය කළ යහපාලන රජය මැතිවරණයෙන් දින 21 ක් වැනි කෙටි කාලයක් තුළ 2015 මුදල් වර්ෂය සඳහා අය-වැයක් ඉදිරිපත් කළ බව ඔබට සිහිපත් කිරීමට කැමත්තෙමි. 

5.  2020 වසර සඳහා විසර්ජන පනතක් ඉදිරිපත් කිරීම වෙනුවට 2020 මාර්තු 2 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මත්තෙන් යහපාලන රජය විසින් සම්මත කර තිබූ අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එවන් සංශෝධනයක් සඳහා ස්ථාවර නියෝග අනුව ප්‍රතිපාදන නොමැති බව විපක්ෂය විසින් පෙන්වා දීමෙන් අනතුරුව රජය විසින්ම එය ඉල්ලා අස්කර ගන්නා ලදී. රටට හෙළි නොකළ හේතුන් මත අය-වැය ඉදිරිපත් නොකිරීමෙන් හා දැන් හදිස්සියේ මතුව ඇති කොරෝන හෙවත් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් රට තුළ වසංගත, ව්‍යවස්ථාදායක හා ආර්ථික අර්බුදයක් උද්ගතව ඇත. 

6. කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමෙන් මතුවූ බරපතල අවදානම් තත්ත්වය පිළිබඳව සලකා බලමින් 2020 අප්රේල් 25 වන දිනට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය, 2020 ජුනි මස 20 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 අප්රේල් 20 වන දින ප්‍රරකාශයට පත් කරන ලදී. එහෙත් 2020 ජුනි මස 20 පැවැත්වීමට යෝජිත මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් මේ දක්වා නිල වශයෙන් ප්‍රරකාශයට පත් කර නොමැත.  

7. 2019 ඔක්තෝම්බර් 23 දින සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන් පරිදි 2020 අප්‍රේල් 30 දිනෙන් පසුව රාජ්‍ය වියදම් දැරීම පිළිබඳව ජනපති ප්‍රමූඛ රජයට  නීත්‍යනුකූල අවකාශයක් නොමැති බව අවධාරණය කරමි. පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල ප්‍රකාරව එකී අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යවරයාට ප්‍රතිපාදන වෙන් කිරීමට බලය දිය නොහැකි අතර මහා භාණ්ඩාගාරයේ ලේකම්  ද මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරව රාජ්‍ය මුදල් කිසිදූ කටයුත්තකට වියදම් කිරීම නීති විරෝධී වනු ඇත.

8.  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 150 ව්‍යවස්ථාවේ 03 වන වගන්තිය ප්‍රකාර පාර්ලිමේන්තුව විසිරුවා ඇති අවස්ථාවක හා විසර්ජන කෙටුම්පතක් සම්මත නොවූ සන්දර්භයක් තුළ රජයේ වියදම් දැරීම සඳහා අවකාශයක් ඇත. එයට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය පහත දැක්වේ. 

150(3)- “කිසියම් වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නිතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් එම මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.”

යථෝක්ත ව්‍යවස්ථාවෙහි සදහන් ප්‍රතිපාදන ප්‍රකාර ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට හා වැය කිරීමට ජනාධිපතිතුමාට බලය ලැබෙනුයේ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයේ සිට මාස 3ක් ඉකුත් නොවන තෙක් පමණි.

9. ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමෙන්තු මැති ඇමතිවරු මෙන්ම භාණ්ඩාගාරයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ජනරජයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ නොකර ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇත. එය කඩ කරන ඔනෑම පුද්ගලයෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබු විට එම විධිවිධාන කඩකරමින් ක්‍රියා කරන කවර වූව ද තැනැත්තෙකු අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට :-

(ආ) අවුරුදු හතක් නොඉක්මවන කාලයක් සඳහා ප්‍රජා අයිතිය අහිමිවීමට යටත් වන අතර

(ආ) පවුලේ අයගේ ජීවිකා වෘත්තිය පවත්වාගෙන යාම පිණිස අවශ්‍යයයි අධිකරණ ආඥාවක් මගින් තීරණය කරනු ලබන දේපල හැර, ඔහුගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක වන්නේය

10. එබැවින්, පත්ව ඇති මේ අවදානම් අවස්ථා සැලකිල්ලට ගෙන  පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහාය ලබා ගෙන 2020.04.30 න් පසුව රාජ්‍ය සේවාවට වැටුෆ් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට  වහා පාර්ලිමේන්තුව යළි රැස් කරන මෙන් විධායකෙයේ ප්‍රධානියා වශයෙන් හිතවත් ජනාධිපතිතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට- විශ්වාසී

මංගල සමරවීර

පිටපත්:-

  1. ගරු මහින්ද රාජපක්ෂ මහතා – අග්‍රාමාත්‍ය හා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය
  2. ගරු සජිත් ප්‍රේමදාස මහතා – හිටපු විපක්ෂ නායක
  3. ගරු. රනිල් වික්‍රමසිංහ මහතා.  – නායක, එක්සත් ජාතික පක්ෂය
  4. කරු ජයසූරිය මහතා – හිටපු කථානායක
  5. ආර් සම්බන්දන් මහතා – නායක, ද්‍රවිඩ ජාතික සන්ධානය
  6. අනුර කුමාර දිසානයක මහත – නායක, ජනතා විමුක්ති පෙරමුණ
  7. රවුෆ් හකීම් මහතා – නායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
  8. රිෂාඩ් බදියුදීන් මහතා – නායක, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය
  9. මනෝ ගනේෂන් මහතා – නායක, දෙමල ප්‍රගතිශීලි සන්ධානය
  10. පී. දිගම්බරම් මහතා – නායක, කම්කරු ජාතික සංගමය
SendShareShare
Previous Post

මෛත්‍රීට පව් පල දීම ඇරඹෙයි (රාජ්‍ය රහස්)

Next Post

කොවිඩ් සටනට Genxt සහායත් ලැබෙයි (PHOTOS)

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.