සිය තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් නිකුත් කර ඇති ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් යන මහත්වරුන් වෙත පැමිණිලි කොට ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාජ ලිපිය සකස් කළේ කවුරුන්ද, බෙදාහැරියේ කව්රුන්ද, මෙවැන්නක් සිදු කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබදව වහාම විමර්ශනයක් කරන ලෙස චීන තානාපති කාර්යාලය මගින් දැනුම් දීමක් කොට ඇති බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් චීන තානාපති කාර්යාලය මේ වනවිට ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සියලු තොරතුරු අනාවරණය කොට ගෙන ඇති බවද පැවසේ.
ඒ අනුව මෙම තත්ත්වය බරපතළ කරුණක් සේ සලකා ඉදිරියේදී මෙම තොරතුරු වගකිව යුත්තන් වෙත ලබා දීමට සැලසුම් කර ඇති බවද විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
The Chinese Embassy in Sri Lanka clarifies that a letter circulating on social media, under its official letter head and written to Sri Lankan President & Financial Minister, is completely forged. Please follow the official sources of information. pic.twitter.com/nf5ehZyj6g
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) January 24, 2023










