16 වැනි දිනට යොදාගත් ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතාව ඒ ආකාරයෙන්ම පවත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට සෞඛ්‍ය නීති රීති මතක් වන්නේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝ්ධය ඉහළ යන විටදී බවය.
පසුගිය දිනෙක නෙළුම් පොකුණේදී පොහොට්ටුවේ සංවත්සර උත්සවය පවත්වන විට ආණ්ඩුවට මෙම කොරෝනා නීතිරීති මතක් නොවූ බවද මන්ත්‍රීවරයා කීය.










