• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් සමෘද්ධි නිලධාරීන්ට වැඩක් දෙයි (PHOTOS)

January 21, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල් සමෘද්ධි නිලධාරීන්ට වැඩක් දෙයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගියදා අරලිය ගහ මන්දිරයේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලස්ථාන කළමනාකරුවන් හා සමාජ සංවර්ධන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

2021 අයවැය ග්‍රාමීය මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා මූල ජාලයක් හා නිලධාරී යාන්ත්‍රණයක් පවතින ශක්තිමත් දෙපාර්තමේන්තුවක් වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහය ලබාදෙන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙවර අයවැයේ මූලික අරමුණ ග්‍රාමීය ජනතාවගේ මූලික යටිතල පහසුකම් සපුරාලීම මෙන්ම ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම වැඩසටහනේදි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට විශේෂ වගකීමක් පැවරෙන බවද ඒ මහතා පවසා සිටියේය.

2021 අයවැය යෝජනා අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි සමෘද්ධි පවුල් වලින් තෝරාගත් තරුණ කාන්තා ව්‍යවසායකයින් 25000ක් ඉලක්ක කරගත් ගෘහස්ථ වෙළඳසැල් ජාලයක් පිහිටුවීම, සමෘද්ධී පවුල් ලක්ෂ දෙකක් කේන්ද්‍ර කරගත් අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථකයක් හා එම ගම්මාන බලසම්පන්න කිරීම, ගම සමඟ පිලිසඳරක් වැඩසටහනට සමගාමීව ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ සුන්දර ගමක් වැඩසටහන මඟින් 7% වාර්ෂක පොළියට ණය පහසුකම් සැපයීම යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ව්‍යවසාය සංවර්ධනය මඟින් විරැකියාව අඩු කිරීම මෙම වැඩසටහන් වල අරමුණ වේ.

මෙහිදී සමාජ සංවර්ධන අංශය විසින් විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර විවිධ සමාජයීය හේතු නිසා ජීවත්වීමට සුදුසු නිවසක් නොමැති ප්‍රජාවගේ නිවසක අයිතිය සහතික කරමින් ඔවුන්ගේ සමාජයීය ජීවිතය සුරක්ෂිත කිරීම, කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන විවිධ මානසික ගැටලු අවම කරගැනීම සඳහා අවශ්‍ය උපදේශන දායකත්වය ලබාදීම, දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය හා ‍වෙනත් සමාජයීය හේතු නිසා පවුල් ඒකකයන්ගේ බිඳවැටී ඇති අභ්‍යන්තර සහජීවනය ගොඩනැගීම ඒ අතර වේ.

සමාජ සංවර්ධන අංශයට මෙම වර්ෂය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 90ක් වෙන් කර ඇත. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මෙම වැඩසටහන් සඳහා පූර්ණ දායකත්වය ලබාදෙන අතර ජාතික ළාමා රක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, අන්තරායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදි සම්බන්ධ වන සහාය ආයතන වේ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

අද ඉඳන් රටම ඇරලා: මේ විදිහට සංචාරකයන්ට රට වටේම යන්න පුළුවන් (VIDEO)

Next Post

සබ්‍රිට එරෙහිව නාහිමිවරුන්ගෙන් ජනපතිට ලියුමක්

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.